(දිල්රුක්ෂි ග්‍රේරු)

අධික වර්ෂාව සමග බිබිල මොනරාගල  ප්‍රධාන මාර්ගයේ තැන්වත්ත කෝස්සේ පාලම උතුරා යාමෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

පැයකට අධික කාලයක සිට මාර්ගයේ  වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

රථවාහන වල  පැමිණ සිටි පිරිස් වතුරට බැස  වතුරේ ගසාගෙන විත් සිරවී තිබු කැලි කසල ඉවත් කිරිමෙන් පසු ජල පහර මදක් අඩු වනු දකින්නට ලැබිණි.

ජලය මදක් බැස යාමෙන් පසු වාහන යම් අයුරින් එහා මෙහා ගමන් කරවිමට හැකි වුවද තවමත් එම මාර්ගයේ වාහන තදබදයද පවතී.