
(ඉන්දිකා රාමනායක)
රට විවෘත කිරීමෙන් පසු නොවැම්බර් මස 01 වැනි දින සිට 15 වැනි දින දක්වා දින 15 ත කාලයක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය මාර්ග උපදේශ නිකුත් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
එම නව මාර්ග උපදේශන වලට අනුව දෛනික කටයුතු සිදු කිරීමට උපදේශන මාලාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තලදූව මහතා පවසයි.
සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමේ දී හැකිතාක් මාර්ග ගත ක්‍රම අනුගමනය කරන ලෙසත්, රැස්වීමක් පැවැත්වීමේදී ශලාවේ 1/3 ධාරිතාවකින් පැවැත්විය යුතු බවත්, පොලිස් මාධය ප්‍රකාශකවරයා කියා සිටියේය.
විවාහ මංගල උත්සය පැවැත්වීමේ දී ඒ සදහා උපරිම ආරාධිතයින් පිරිසක් 100 ක් සහභාගි කරගත යුතු බවත්, එසේ නොවුනහොත් විවාහ මංගල උත්සවය පැවැත්වෙන ශාලාව අනුව එහි 1/3 ක ධාරිකාවක් යුතුව අමුත්තනට ආරාධනා කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
විවාහ මංගල උත්සවයක් එළිමහනේ පැවැත්වෙන්නේ නම් ඒ සදහා 150 ක පිරිසකට සහභාගි විය හැකි බවද හෙතෙම කියා සිටියේය.
සිනමා ශලා, නාට්‍ය ශාලා, සියට 25 ධාරිතාවයනික් පිරිස කැඳවිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
කාර්යාල, වෙළෙද සැල්, පාසල්, ඇතුලු විවෘත කළ සියලු ආයනත සෞඛ්‍ය මාර්ග උපදේශන අනුව සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව ක්‍රියා කළ යුතු බවත්, එසේ නොවුනහොත් කෙරෝනා රෝගය නව රැල්ලක් ලෙස සමාජය හමුවේ පැතිර ගොස් සමාජයට බැලපෑම් එල්ල කළ හැකි බවද හෙතෙම කීය.
එසේ සිදු නොවීමට නම් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංකම් නාමයෙන් කරන බෞද්ධයන් සූරාගෙන කෑම දැන්වත් නවත්වන්න. රැල්ලක් ළඟදීම එන්න පුළුවනි..