(දිමුතු සඳරුවන්)
ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල විවෘත කිරීම අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (12) ප්‍රකාශ කළේය.
පළමු අදියර යටතේ මැයි මස 04 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලබන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සඳහා පමණක් බව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
සියලුම විශ්ව විද්‍යාල වල අවසන් වසර සිසුන් සඳහා මැයි මස 11 වැනිදා විශ්ව විද්‍යාල විවෘත කරනු ලැබේ.
තුන්වන අදියර යටතේ මැයි මස 18 වැනිදා සියලුම විශ්ව විද්‍යාල සිසුන් සඳහා විශ්ව විද්‍යාල විවෘත කරන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි.
කවුද සිසුන්ගේ වගකීම භාරගන්නේ ?
ඉස්සෙල්ලා පොදු ප්‍රවාහන සේවා, රටේ ආර්ථිකයට දායකත්වය දක්වන ආයතන ටික ටිකෙන් ටික විවෘත කරලා ඉන්න.
සරසවි අරින්න කලින් තව රටේ කොයිතරම් දේවල් තියෙනවද කරන්න. සමහර දේශපාලුවෝ බලන් ඉන්නේ පාර්ලිමේන්තුව අරිනකම්....සමහරු දත කට මැදගෙන බලන් ඉන්නේ චන්දෙ තියන්නෙ කවද්ද කියලා....
කොරෝනා ලංකාවෙන් යන කාල වෙලාව කොහොමද දැන ගත්තේ ? සුමනදාස මහතා ගේ නැකතකටද මේ දින තීරණය වන්නේ ?.
මේ අමරතුංග කාරයාට කොරෝනා ඩබල් වෙලාද කොහෙද...? තවම ඇඳිරි නිතිය... කොරෝනා හැමතැනම... ලබන මාසේ කීයටවත් සරසවි විවෘත කරන්න බැහැ. මේවාගේ මොට්ට මොල්ලුනේ අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න උගත් දරුවන්ට මග පෙන්වන්නේ... ලැජ්ජයි.... මේ මනුස්සයාට තියෙන හොර උපාධි නැවත පරික්ෂා කරන්න ඕනා. මොකද මේ ලඟදි හොර ගණිත ආචාර්යයෙකුත් බිහිවුනානේ.
අර රතු බෝඩ් කාරයෝ දැන් දත මැදගෙන ඇති කොල්ලෝ කෙල්ලෝ දනගස්වන්න? ඔන්න උන්වත් ඔය ගමන්ම අවුරුද්දකට දෙකකට නිරෝධායනයට යැව්වානම් කියලා වැඩක් නැහැ.
පොල්පටවන පොදු ප්‍රවාහනයට තිත තියන්න මුලින්ම පවතින තත්වය හමුවේ දරුවන් යවන්න පුලුවන්ද? පොදු ප්‍රවාහනයේ ඊට අමතරව විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය සහ සියලුම දරුවන් රැපිඩ් ටෙස්ට් එකකින්වත් ටෙස්ට් කරන්න...
ටිකිරි මොළ...
ජයවර්ධනපුර සිසුන්ට ට්‍රැක්ටර් ටයර් ගෙන ඒම මේ අවස්ථාවේ අපහසු විය හැකිය. ඒ නිසා අවශ්‍ය ටයර් බලධාරීන් විසින් සැපයීමට කටයුතු කළ යුතුයි.
තව ටික කාලයක් ඔහොමම ඉන්න දෙන්න තිබ්බේ.අනික මේ මෙච්චර ලොකු ව්‍යසනයක් තියෙද්දී බොරුවට පාරවල් වල උද්ඝෝෂණය කරනවාට වඩා වෙන දෙයක් නෑනේ මෙයාලට. Published Comment