නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්වයක් ද වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි වැසි ඇතිවිය හැක.
ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික සුළ වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අනාවැකිය නම් හරි ඊයේ (1 දින) සවස හයට පමණ ආරම්භ වූ විටින් විට ගිගුරුම් සහිතව වහින වැස්ස අද උදේ හය වනවිටත් වහිනවා දැන් නම් කඩින්කඩ වුනත් උදේ සාමාන්‍ය ගිගුරුම් සහිත බවකුත් තියෙනවා