IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්

 (  මහින්ද   නිශ්ශංක )

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (17) කොළඹ කොටුව සිට බදුල්ල දක්වා, බදුල්ල සිට කොටුව දක්වා, මහනුවර සිට කොටුව දක්වා, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා,  කොටුව සිට හික්කඩුව, මාතර සිට කොටුව, ගාල්ල සිට කොටුව දක්වා ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.

මේ අතර හෙට (18) සමුද්‍ර දේවි දුම්රිය පෙ.ව.3.50 ට මාතර දුම්රිය ස්ථානයෙන්ද, හික්කඩුව දුම්රිය පෙ.ව. 4.30 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ද , ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි

 මුහුදු බඩ දුම්රිය මාර්ගයේ සෙසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.අද සහ හෙට මෙම විශේෂ දුම්රිය සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව යොදවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පැවසීය.

 



අදහස් (0)

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site