
( මහින්ද නිශ්ශංක )
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (17) කොළඹ කොටුව සිට බදුල්ල දක්වා, බදුල්ල සිට කොටුව දක්වා, මහනුවර සිට කොටුව දක්වා, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා, කොටුව සිට හික්කඩුව, මාතර සිට කොටුව, ගාල්ල සිට කොටුව දක්වා ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.
මේ අතර හෙට (18) සමුද්‍ර දේවි දුම්රිය පෙ.ව.3.50 ට මාතර දුම්රිය ස්ථානයෙන්ද, හික්කඩුව දුම්රිය පෙ.ව. 4.30 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ද , ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ සෙසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.අද සහ හෙට මෙම විශේෂ දුම්රිය සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව යොදවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd