(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද (5) සහ හෙට (6) යන දෙදින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
පාර්ලිමේන්තුව අවට විටින් විට පැවැත්වෙන මහජන උද්ඝෝෂණයන් හේතුවෙන් පාර්ලිමේන්තුව වෙත ගමන් ගන්නා මැති ඇමැතිවරුන් සහ කාර්ය මණ්ඩලය අපහසු තාවයට පත් වන බවත් ඒ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා එල්ල වන හෙයින් මෙම පියවර ගත් බව පොලිසිය.
මේ අනුව පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වාත් මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව ද පොලීසිය සඳහන් කරයි.
එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් අනන්‍යතාවය තහවුරු කර අතුරු මාර්ග වලට පිවිසිය හැකි බවද පොලීසිය සඳහන් කරයි.
මෙම කාලය තුළ මාර්ග වසා තැබීමෙන් මහජනයාට වන අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කණගාටුව ප්‍රකාශ කරන බව ද පොලීසිය වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd