
(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (4) සිට දින හතරක් පමණ අවම වශයෙන් පැයක කාලයකට විදුලි සැපයීම අත්හිටුවීම සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පස්වරු 6.00 ත් රාත්‍රී 9.30 අතර කාලයේදී මෙලෙස විදුලි සැපයුම අත් හිටුවීම සිදු විය හැකි බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණු අතර එඅය යථා තත්ත්වයට පත්කරන තෙක් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවන බව ඔහු කීවේය.
එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවන බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශ පිරී පවතී. එහෙත් විදුලිය නැත. සෞභාග්‍යයේ වික්‍රමයකි. පාන්, හාල්, සීනි, සිමෙන්ති නැත. ඇත්තේ කුමක්ද? ප්‍රෝඩාව, වංචාව, දූෂණය ඇත. පිපිරීම්ද ඇත. දෙවසරක කෙරුවාව..
ඒ ඒ ප්‍රදේශ අයත් කලාප අනුව විදුලිය විසන්ධි කරන වෙලාවන් එහෙම කියන්න එපා හොඳද? අපි හිතා ගන්නම් ඒක විදුලිය නැති වුණාම...
නොරොච්චෝලේ බලාගාර ඉඳි නොකෙරුවා නම් කොහෙන්ද ජෙප්පෝ විදුලිබලය සොයන්නේ? එහෙනම් අපිට වෙන්නේ ණයට විදුලිබලය ගන්න. සාමපුර් බලාගාරය හැදුවා නම් අපිට කළුවරේ ඉන්න වෙන්නේ නැහැ... සාම්පුර් බලාගාරය හදනවාට විරුද්ධ උනේ පාදිලියන්... උන්දැලා නම් ඉටිපන්දම් පත්තු කරගෙන ඉඳියි...
රජය විදුලිය කපන්නේ ජනතාවට විදුලිබිල අඩුකොට සහනයක් දීමටයි.
අපිවත් කප්පාදු වෙලයි ඉන්නේ... දැන් විදුලියත් කප්පාදු කරනවා.
අනාගත දරු පරපුරක් හදන්න පුළුවන්...