IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා  නොමිලේ බෙදා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.

මෙම පොහොර තොගයෙන් වී වගාව  සඳහා සියයට 50 ක්ද ඉතිරි සියයට 50 පොල් වගාව සඳහාද භාවිත කිරීමට ඉකුත් 9 වෙනිදා කැබිනට් මණ්ඩලයද තීරණය කළ තිබිණි.

සාමාන්‍යයෙන් එක් කන්නයක වී වගාව සඳහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000 ක්  බැවින්  පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන් සඳහා බෙදා හැරීමටද, ඉතිරිය පොල් වගාව සඳහා භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය කියයි.

රුසියානු රජයේ Uralchem සමාගම විසින් මෙම මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර නිෂ්පාදනය කර තිබේ.



අදහස් (6)

අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා

ගමේ එකාලා Thursday, 12 December 2024 04:45 PM

පහුගිය ආණ්ඩුව කාලේ ලැබුණා නම් ඔවුනොවුන් වැඩි ගාණකට විකුණලා ඒකෙනුත් ගසා කයි. සුනාමි ආධාර වලට වෙචිචි දේ ලෝකෙම දන්නවා...

:       0       1

SAM Thursday, 12 December 2024 06:54 PM

නොමිලේ ලැබෙනවා (ප්‍රධානයන් වශයෙන්) නොමිලයේ බෙදා දෙනවා, නොමිලයේ ලැබූ පමණින් රජයක් විසින් කිසිවක් කිසිවකුට නොමිලයේ ලබාදිය යුතු නැත. නොමිලයේ ලැබීමෙන් පසු ගොඩබෑමේ සිට ගොවීන්වෙත ලබාදීම දක්වා සියල්ලට රජයට පිරිවැයක් (ප්‍රවාහනය සඳහා, ඉන්ධන සහ වෙනත්) ඇත. ලෝකයේ කිසිඳු දියුණු රටක පවා නොමිලයේ කිසිවක් ලබාදෙන්නේ නැත. ලංකාවේ සියලු පක්ෂවල දේශපාලකයින් පුරවැසියන්ට කිසිවක් නොමිලයේ ලබාදීමේ මෝඩ ප්‍රතිපත්තියෙන් මිදීමට කටයුතු කළයුතුවේ. (ගොඩ දැමීමට, දශක ගණනාවක සිට සෑම රජයක් යටතේම මෙම රට ගොඩ දැමීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් ඇත, ගොඩ දැමීම කෙසේ වෙතත් රටට ඉදිරි ගමනක් නම් නොමැති බවක් පෙනෙන්නට ඇත) පොහොර නොමිලයේ ලබාදීම වෙනුවට ඒ සඳහා රජයට වැයවන පිරිවැය හෝ ලබාගැනීමට කටයුතු කළයුතුවේ. ප්‍රධානයක් වුවත් එහි වටිනාකමක් තිබෙනා බව ගොවීන්ට දැනිය යුතුවේ...

:       0       1

Warmi Thursday, 12 December 2024 09:36 PM

මේ ප්‍රධානය මුළු ශ්‍රී ලාංකික ජනතාවටම ලැබුණු ප්‍රධානයක් මෙය අවශ්‍ය අයවලුන්ට ලබා දුන්නට මෙහි ප්‍රතිලාභ ලංකාවේ සෑම ජනතාවටම ලැබිය යුතුයි නැතහොත් අසාධාරණ ලෙස හාල් පොල් එළවළු වල මිල වැඩි කරලා එක කොට්ඨාසයකට විතරක් මෙහි ප්‍රතිලාභ ලැබීම ඉතාමත් ඛේදජනක සිද්ධියක් එනිසා මේක හරි නියාමනයක් තියෙන්න ඕනේ. වතුරත් නිකන් දෙනවා. පොහොර සහනාධාර දෙනවා. ආයි නිකන් ලැබෙන පොහොර දෙනවා ඊට පස්සේ වගාවලට ඒවට මොනවා හරි උනොත් ඒවටත් වන්දි ගෙවනවා අන්තිමට ජනතාවට හුළං තමයි

:       0       0

Gunasingha Friday, 13 December 2024 06:40 AM

පොල් වගාවකට දෙන්නේ කොහොමද කියලා කියන්න සාමාන්‍යයෙන් ගෙවතුවල වගාවන්ටත් දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි..

:       0       0

Lalla Friday, 13 December 2024 07:34 AM

කිසිම දෙයක් නිකම්ම දෙන්න ඕන නෑ. සාධාරණ මිලකට අලෙවි කරන්න. ඕනෑ අයට මිලට ගතහැකි විදියට. නිකම්ම දුන්නම ගොවීන් අතට වඩා හිතවතුන්ට බෙදාගන්න එක වලක්වන්න බෑ. ඉන්පසුව කලුකඩය නිර්මාණය වෙනව.... පිනට බෙදීමේ අවසාන ප්‍රතිඵලය පොල් ගහක් නැති අයට පොහොර සහනාධාරය ලැබීම....ආණ්ඩුව බැනුම් ඇසීම...

:       0       0

අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:14 AM

හොද වෙලාවට ඕක මාලිමාව ආණ්ඩුවට ලැබුණේ. සිලින්ඩර් මුත්තගේ පාලන කාලයේ ලැබුණා නම් සාගල, රුවන් ඇතුලු නඩය ඕක ගිලිනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 105 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 89 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 229 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 933 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 1004 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 242 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site