(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් අද(25) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රේණි විෂමතාව සම්බන්ධ අනුමත වූ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට විරෝධය දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරේ.
වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ජනාධිපති පත්කළ කමිටු වාර්තාවෙන් ද තම ශ්‍රේණිවලට විශාල අසාධාරණයක් වී ඇතැයි ද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් වෙනකල් සංවිධානාත්මකව කොළඹ ජන ජීවිතය අවහිරතාවයට පත්කරන අන්දමේ වැඩ වර්ජන සහ විරෝධතා ජාලයක් ක්‍රියාත්මක කිරීමට යන බව අපි දැනගත්තේ නාමයෝජනා දෙන බව එළිකල දවස්වලයි.
ආණ්ඩුව මීට වඩා දැඩිවෙන්න ඕනෑ. මිනිස්සු කැමති නෑ පතෝල වගේ නායකයින්ට.. මේ පුද්ගලයන් සේවයෙන් නෙරපලා හිරේ යවන්න.. අලුත් තරුණ ළමයින්ට ඒ රැකියා ටිකදෙන්න අලුත් ගිවිසුම් එක්ක. ආණ්ඩුවට තරුණ ඡන්දත් හොඳට වැටෙයි.