මහින්ද නිශ්ශංක
දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවක් අද (3) මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානයේ මහතා පැවසීය.
රාජකාරිය කාලය තුළදී බීමත්ව සිටීම සම්බන්ධව වැඩ තහනම් කරන ලද දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු නැවත සේවයේ පිහිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරි බලපෑම් කිරිමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ආණඩුව හිස නැමුවොත් ඒකෙ තේරුම රාජකාරි වෙලාවේදී ඕනෑම රජයේ සේවකයෙකුට බීමත්ව හිටිය හැකි බවත් ඊට විරුද්ධව කිසිම විනයානුකූල ක්‍රියා මාර්ගයක් ගැනීමට නොහැකි බවත්ය. මෙය කිසිවිටෙකත් පූර්වාදර්ශයක් නොවියයුතුයි...
ඇමති තුමා යන යන තැන අවුල් නේ...
ඉතිහාසයේ පළමුවැනි වතාවට ඔන්න මම දුම්රිය වෘත්තීය සමිතිවලට පක්ෂව අත උස්සනවා. ඔල මොට්ටල අහංකාර ඇමතියලා රට කන එක නවත්වන්න ඔන්න ඔහොම එකතුවෙන්න සහෝදරවරුනි!
සියලුම දුම්රිය සේවකයන් ඉවත් කරනු, සියලුම දුම්රිය හා සියලුම දුම්රිය යකඩ විකුණා දමනු,
මගී අපට මේ කිසිවක් අදාල නැත. වෙලාවට රාජකාරි කිරීමට යාමට, ඒමට පමණක් තිබීම පමණක් අදාල වේ.
හා හා එතකොට මේ GMR ද වර්ජන සඳහා සහයෝගය දක්වා ඇත.
කැලණි වැලි මාර්ගයේ දුවන සීඝ්‍රගාමී දුම්රියක් උඩහමුල්ලේ නවත්වන්නේ ඇමතිගේ ඕනෑකමකටලු. හැමදෙයම ඇමතිට ඕන විදිහටයි. මෙම වැරදි හරිගස්වන්නේ කවුද?
මෙය සිකුරාදා වර්ජනයට ප්රතිවර්ජනයක් ...