(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවීමට ගෙන තිබූ තීරණය ලබන 03 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙසේ විවෘත අධිකරණයේ කැදවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම් දීමෙන් පසු මෝසමක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව කැදවිය හැකි බවද , මෙම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භ කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
අදාළ විනිසුරුවරයාගේ අවසරයකින් තොරව නඩු වලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළත් විය නොහැකි බවත් ,සියලුම නීතීඥවරුන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පිළිපැදිය යුතු බවත් , එහි වැඩිදුරටත් සදහන් වේ.
නීතීඥවරයෙකු අධිකරණ ශාලාවකට ඇතුළ විය යුත්තේ ඔවුන්ට ආදළ නඩුව කැදවන අවස්ථාවේදී පමණක් බවත් , ලබන 3 වැනිදා සියලුම නඩු කටයුතු වලට සම්බන්ධ ලේඛන පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ලේඛකාධිකාරී කාර්යාලයට බාර දිය හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය නඩු ගණයට වැටෙන්නේ කුමන නඩුද? ඉඩම් නඩුත් මේ ගණයට වැටෙනවද? මේ කාරණාව ලංකාවේ විශාල පිරිසකට වැදගත් නිසා කරුණාකරලා පැහැදිලි කරන්න..