(ඩයනා උදයංගනී)
අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය සඳහා ගෙවනු ලබන මුදල රුපියල් ලක්‍ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද දක්නට නොලැබීමේ සහතිකය පදනම් කරගෙන අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුලේ ළඟම ඥාතියාට රුපියල් ලක්‍ෂයක දීමනාවක් එක්වර ගෙවීමට කැබිනට් මණ්ඩලය ඉකුත් මාර්තු මස තීරණය කළ අතර, එම මුදල ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවන නිසා මෙම දීමනාව ලබාදීමේදී අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූරණ කාර්යාලය විසින් තහවුරු කිරීම ප්‍රමාණවත් බව ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන්වූවන්ගේ පවුල්වලට දෙන දීමනාව ඉහළට