
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා මනුෂය ඝාතන දෙකක් හා සිවු දෙනකුට තුවාල කිරීමට අදාලව අත් අඩංගුවට ගත් සැකකාරියක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා අවසර ලබාදුන්නේය.
අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් විසින් සැකකාරිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් මෙම සැකකාරිය පැය 48 ක කාළයක් රදවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ඉල්ලා සිටින ලදී.
මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ වයස අවුරුදු 21 වනඅඹගහ වත්ත පොල්වතුමෝදර මිරිස්ස යන ලිපිනයේ පදිංචිකාරියකි.
මෙම සැකකාරිය හෙරොයින් නඩුවක් සදහා මාතර බන්ධනාගාරයේ සිරගතව සිටිව අබේසිංහ ලියන ආරච්චිගේ අසංක ප්‍රියශාන් (24) යන මෙම තම ස්වාමි පුරැෂයාගේ ඉල්ලීම මත ඔහුගේ මිතුරෙකු සමග එකතුවී අතුරැගිරිය ගල්පොත්ත පාරේ පිහිටි නිවසක් කුලී පදනම මත අපරාධයට දින 02 කට පෙර ලබාගෙන අපරාධ කරුවන් වෙත නවාතැන් පහසුකම් සැපයීම හා ඒ වෙනුවෙන් විදේශගතව සිටින ලොකු පැටි යන අයගෙන් ලැබුනු ලක්ෂ 40ක මුදල යොදවා ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මිලදීගෙන සැකකරුවන් රැගෙන ඒමට හා පලා යාමට අවශය සහය ලබා දී ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.
COMMENTS