
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 21 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
මිරිස්ස පොල්අතු මෝදර අඹ ගහපත්ත ප්‍රදේශයේ නිවසකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන අද 22 දක්වා රිමාන්ඞ් භාරයට පත් කර ඇත.
එම පිරිස අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු, මෝටර් රථය සහ වෑන් රථය ලබා දුන් පුද්ගලයන් හා රැගෙන ආ පුද්ගලයන්ද වේ.
එම ඝාතනය ඩුබාහි සැඟව සිටින ලොකු පැටි හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්ව සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් බවට පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත.
වෙඩික්කරුවන් දෙදෙනා සිදුකළ එම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනි කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිද හා තවත් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තුවාල ලැබීය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුගිරියේ වෙඩ්තැබිමට අනුබල දුන්නැයි කතක් අත්අඩංගුවට
fairoos Sunday, 21 July 2024 01:38 PM
එතකොට KPI කොහෙන්ද?