
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසරේ මුල් මාස හතර සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා රුපියල් කෝටි 260000 ක් අනුමත කරගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට අද (5) ඉදිරිපත් කෙරිණ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේය. මෙම ගිණුම පිළිබඳ විවාදය අද (5) ආරම්භ කෙරුණු අතර හෙට (6) දිනයේත් පැවැත්වේ.
අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්තන වියදම් (කුලී) හැර රුපියල් කෝටි 100000කුත් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි 42500 කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහ ගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රුපියල් කෝටි 117500 කුත් අවශ්‍ය බව විවාදය අරඹමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 160000ක් බවත් මූලික ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 100000ක් බවත් ඔහු කීවේය. මින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. එම ප්‍රමාණය රුපියල් කෝටි 22000කි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරු සම්මත ගිණුම කෝටි 260000 යි