
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඇතුළු පිරිස් හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (5) ප්‍රකාශ කළේය.
පොදු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී පැමිණි එකඟතාවයකට අනුව අත්‍යවශ්‍ය සේවා ගැටලූවකින් තොරව පවත්වාගෙන යාමට එම නියෝජිතයන් තමා සමඟ එකඟ වූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙයට අමතරව දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි අද දිනයේ ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.
එමෙන්ම අද(6) දින ධාවනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවාවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා ඇත්තට මුහුණදීලා ඇත්ත කියන්න පුළුවන් වෙයිද මන්දා? ගියපාරත් ඔහොම කියලා හොම්බ ඇනගත්තා මේ පාරත් ඒ බොරුවම මතුරනවා ..
ගෑස්, තෙල්, විදුලිය අත්‍යාවශ්‍ය දේවල් නෙවෙයිනේ...!