(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 ක්, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 ක්, රට ලූණු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු ලූණු කිලෝවක් රුපියල් 400 ක් දක්වා මිල ඉහළ ගොස් තිබුණි.
සිල්ලර වෙළදුන් පවසන්නේ තොග මිල වැඩි වීම හේතුවෙන් පිරිප්පු, සීනි, අල, ලූණු සහ හාල්මැස්සන් කරවල ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූ බවයි.
සතොස කිලෝවක් රුපියල් 115 කට අළෙවි කළ රතු සීනි කිලෝවක් අද (26) රුපියල් 120 කට අළෙවි කළ අතර සතොස රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 250 දක්වා ඉහළ දමා තිබුණි.
සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෛඳපොලට වඩා අඩු මිලට ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වහපු එකේ විපාක, දැන් රට වහන්න කියපු අයත් එක්ක බලාගන්න.
එතකොට අපේ සර්ගේ ගැසට් එකෙන් වැඩක් වෙන්නේ නැද්ද.?
රාජ පක්ෂ වරුන්ටනම් බනින්න එපා ඒගොල්ල තමයි එදත් හොඳට කරේ, අදත් හොඳටම කරන්නේ මේ හැමදෙයක්ම කොරෝන නිසා. අපේ රාජපක්ෂලාට කරන්න දෙයක් නෑ මේවට
කෝ දැන් අර බැසිල් ආවම ඔක්කොම අඩු වෙනවා කියලා නටපු අය.
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විදින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැඩි වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහල වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් තමන්ගේ පන්තිය නඩත්තු කිරීම සදහා මිල අධික සුකෝප භෝගී වාහන ,මිල අධික ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම සිදු වෙනවා. එවිට ඩොලරය ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා.
විශ්වය පුරා විහිදීගිය පොදුජනරාවේ.
මගේ රටට රාජ පක්ෂ පවුල සරණයි!
සමන් මහත්තයා බොරු කියන්න එපා. අපි විශාල බදු මුදලක් දැනටත් ගෙවනවා.
කොරෝනා නිසා ලෝකයම ආර්ථිකයෙන් වැටිලා ඉන්න වෙලාවේ මෙවන් දෙයක් වීම සාමාන්‍යයි .ඒ නිසා අපි මේ මොහොතේ රජයට සහයෝගය දීම අත්‍යවශ්‍යයි .පෙට්‍රල් ,ඩීසල්,ගෑස් ,සීනි ,හාල් ,ලූනු ,අල .මේවා කන ගමන් රට ලස්සන කරන එකත් නවත්වන්න හොඳ නෑ . ඉතුරු තාප්ප ටිකෙත් ලස්සනට අඳිමු .රැල්ලක් යවමු .අපි 69 ලස්සේම එකතු වෙමු
බඩු මිල ඉහළ යෑමට ප්‍රධානම හේ්තුවක් තමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම රජය සතු නොවීම.. අද එ්කාධිකාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතුව ඇත. මීට වසර ගණාවකට පෙර අප රටේ ආහාර දෙපාර්තමේන්තුව තිබිණි. එහි සාමාන්‍යයෙන් මාස 6ක පමණ කාලයට අත්‍යාවශ්‍ය බඩු තොග රැස්කර තිබිණි.. ආහාර ගබඩා මින් සමහරකි. මෙවැනි ගබඩා දිවයින පුරා තිබිණි. නමුත් නිදහස් වෙළෙඳ ආර්ථිකයත් සමග ආහාර ඇතුළු බොහෝ දේ ගෙන්වීම පෞද්ගලික අංශය සතුවිය. ඉහත කී ගබඩා අද ආර්ථික මධ්‍යස්ථාන බවට පත්විය. අද අප රටේ මිල යාන්ත්‍රණය හසුරවනු ලබන්නේ රජය නොව පෞද්ගලික අංශයයි. මේ ක්‍රමය අනුව මොනම රජයකටවත් මිල පාලනයක් කිරිම ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇත...