(යොහාන් භාසුර)
සාමාන්‍ය වෙළෙඳපොලේ රුපියල් 2600 කට වඩා වැඩි වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්ල’ ලෙස රුපියල් 1,998 කට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙම සහන මල්ල දිවයින පුරා සතොස අළෙවි ශාඛාවලින් හෙට (20) සිට ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සතොස සමඟ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ වීමෙන් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම කරන බවත් වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
පළමු සති දෙක තුළ සහන මල්ල වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු අය නොකරන බව කී අමාත්‍යවරයා ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වාලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
‘1998 සහන මල්ල’ ව්‍යාපෘතිය හදුන්වාදීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශයේදී අද (19) පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලේ තිබෙන්නේ කුමක්දැයි දන්වා නැත. ඡායාරූපයෙන් පෙනෙන දේ නිවැරැදි දේ නම්, පසුගිය වර මෙන් මෙවරත් ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවේ... මෙය ලොකුම මුලාවකි... සතොසේ නොවිකිණෙන සබන් වර්ගත් ඇතුළත් කර නොමැත... හාල්, සීනි, මුං, පරිප්පු, පිටි, කරවල, අල, පොල්, මිරිස්... අත්‍යාවශ්‍ය දේ මේවාය... කිරිපිටි නම් දැන් දකින්නවත් නැත.
බන්දුල ස්ටෝර්ස්....
මොනවද තියෙන්නේ මල්ලේ?
අනේ මුගේ සහන මල්ල
මේ රටේ දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් ආර්ථික පීඩනයකට හසුවී ඇත්තේ මේ රටේ තිබෙන බදු ප්‍රතිපත්තියේ ඇති වැරද්දක් නිසා..මේ රටේ ක්රීයාත්මක වෙන්නේ පෝසතාගේ සුකෝපබෝගී භාණ්ඩවලට දුප්පතා බදූ ගෙවන ක්‍රමයක්. මේ රට මේ තරම් අසරණ වීමට මේ රටේ ඉහල වැටුප් ලබන සියල්ලන්ම දායක වෙලා ඇති බවක් පෙනෙන්න තියෙනවා.එය සිදුවන්නේ ඉහල වැටුප් ලබන පුද්ගලයනගේ අත මිට ඇති මුදල් අතිරික්තය නිසා ඔවුන් අත්‍යාවශ්‍ය නොවන මිල අධික වාහන සුකෝපබෝගී භාණ්ඩ මිලට ගැනීමට පෙලබෙනවා..එවිට ලංකාවේ ධනය පිටරටට ගලාගෙන යෑම නිසා ඩොලරය ඉහල යනවා.එවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉහල යනවා..එවිට බඩු මිල ඉහල යනවා. එහෙම බලන කොට ධනවතුන්ගේ බදු වක්‍රව ගෙවන්නේ දුප්පත් මිනිස්සු වගේ පෙනෙන්නේ..මෙය නතර කරන්නේ කෙසේද? අද ජීවත්වීමට මාසයකට රුපියල් ලක්ෂයක් වගේ අවශ්‍ය වෙනවා..අවුරුද්දකට ලක්ෂ 12 ක් වගේ..මාසයකට රුපියල් ලක්ෂයකට වඩා උපයන අයට අධික අදායම් බද්ධක් ගැසිය යුතුයි.රුපියල් ලක්ෂ 20 ට වැඩි වාහන වලට අධික බධු පැනවිය යුතුයි..අතිගරු ජනාධිපති තුමා හා අතිගරු අගමැති තුමා මේ ගැන ක්‍රියා කරන මෙන් ඉල්ලා සිටිනවා.
දිරාපු හාල්මැස්සෝ , තෙත පරිප්පු මේ මල්ලේ අනිවාර්යයෙන්ම තියෙනවා.
ජයවේවා!
ගැසට් එකක් ගහමුද?
බඩු මිල වැඩිකරලා ඒක වහන්න සහන මල්ලක් දෙනවා ටික දවසකට
2000 ටම දුන්න නම් අහවරයිනෙ..
මාර ලාබයක් නේද ජනතාවට තියෙන්නේ.?
රුපියල් 2600 කින් මාසයක් ජීවත් වෙන්න බන්දුලගෙන් බදු මල්ලක් . මේවට තමා කියන්නේ විශ්ම කාර්ම වැඩ කියලා !
ඔයිට වඩා නරක නැද්ද ඕක 1998.99 දුන්නානම්.
බන්දුල මහතා කල සේවාවලින් හොඳම එකක් තමා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය. මා සමඟ පැමින විශාල විදේශිකයින් පිරිසක් ඒ නිර්මාර්තෘ ගැන අසා ඉතා අගය කලා, වටින්නේ එය රට මැදට ආසන්නව තිබෙන නිසාත්.