
(අංජුල මහික වීරරත්න)
අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද වජිර අබේවර්ධන මහතා කීය.
එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයි වජිර අබේවර්ධන මහතා කීය.
අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 6 සහ 7 වගන්ති උපුටා දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය. "මේ පනත යටතේ ඔහු යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවරනු ලැබ ඇති අවස්ථාවකදී ඒ තැනැත්තා අයත් වන වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයක් කරගෙන යාමේ දී ඔහු විසින් වරද සංයුක්ත වන ක්‍රියාව හෝ නොකර හැරීමක් කරන ලද බව ඔහු විසින් ඔප්පු කරනු ලැබීම නිදහසට කරුණක් නොවිය යුතුය."
ලිඛිත නීතියේ කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ එවැනි වෙනත් ලිඛිත නීතියක විධිවිධාන අතර යම් ගැටීමක් හෝ අන් අනුකූලතාවයක් ඇතිවන ඇති වන අවස්ථාවකදී මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතුය."යනුවෙන් පනතේ 6 සහ 7 වගන්තිවල පැහැදිලිවම සඳහන් ව තිබෙන බව වජිර අබේවර්ධන මහතා කීය.
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා අසාධාරණ වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් කරන්නට පෙර අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම අවබෝධ කරගෙන සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි කීය.
ජනාධිපතිවරයා ගැසට් නිවේදනයකට අත්සන් තබමින් මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය.
රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇති බවද වජිර අබේවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුලක් කියවනවා.. රට කාලා ඩීල් දාගෙන හොඳට තිබුණු එජාපය විනාශ කරන්න උල්පන්දම් දීලා තවත් කයිවාරු ගැහුවා. මෙහෙම අය ඉන්න තාක්කල් මේ රට ගොඩගන්න බෑ...
ජන පීඩක රජයේ දුර්දාන්ත ක්‍රියාවන්ගෙන් බැටකන ජනතාව මේවට බයවෙන්නේ නැහැ.
ලංකාවේ මිනිස්සුන්ට ඔහොම නීතිය ක්‍රියාත්මක නොකළොත්, මොවුන් කවදාවත් හැදෙන්නේ නෑ. මේ වැඩ වර්ජන කරන්න ඕනෑ කාලයක් නෙමේ. රාජ්‍ය සේවකයො හරියට වැඩ කරානම් අනිත් මිනිස්සුත් ඔය වර්ජනවලට හදවතින් සහාය දෙනවා. දැන් නම් පුතෝ ඒවා වෙන්නේ නෑ. ඩොලර් එක අඩු වුණු ගමන් තමයි එයාලාට පත්තු වුණේ. ඒක හොඳටම පේන්න තියෙනවා... මේ දේශපාලුවන් මට අප්පිරියා වුණත් කරන වැඩේ හරි... හරි නම් ඒක හරි කියන්න මට දේශපාලන පක්ෂය අදාල නැත. මොකද මම පාවෙන ඡන්දයක් නිසායි.
ඔය නීති හරියටම ක්‍රියාත්මක කරන්න. නැත්තන් ඊළඟ පාර අරගලෙන් ඔයාලත් ගෙදර යන්න ලෑස්ති වෙන්න...
මේ රට බංකොලොත් වීමට යූනියන්කාරයොත් වග කියන්න ඕනෑ. ඒ නිසා වර්ජනය මෙහෙයවන සියලු දෙනාටම ඔයිට වඩා ලොකු දඬුවම් දුන්නත් කමක් නෑ. ජනතාව සතුටුයි...
ආ... මේ ඩයි කොටානේ. මෙයා හිතාගෙන ඉන්නේ මෙයා කවුරු කියලද? කොහෙන් කඩාගෙන වැටුණු ගස්බල්ලෙක්ද? ඔය වගේ උඩ පැනපු අයට ඉතිහාසයේ තැනක් ලියැවිලාම තිබෙනවා. ඒ නිසා පරිස්සමින්...!!!
ඇහුණේ නැහැ...!
මේ රට පිනාලාටම ගිහින් ඉතුරු ටිකත් විනාශම කරාවි..
කොහෙන්ද මේ මිනිස්සු මැතිවරණයෙන් ගෙදර එලවපු උන්දෙක් ඇවිල්ලා අපිට නීති කියවන්නේ?
පෙම්පි පොරවල් කියන කරන දේවල් රටේ මිනිස්සුන්ට අදාළ නැහැ.
එතකොට මහබැංකුව හොරා කෑවට කමක් නැද්ද?
කවුද ඕවා විශ්වාස කරන්නේ...?
එතකොට හොරාගේත් ඉඩම් ලංකාවෙම තියෙන, ඒවා රාජසන්තක කරේ නැද්ද?
එතකොට ව්‍යවස්ථාව උල්ලංගන කරමින් මැතිවරණය නොපවත්වන එකට ලබන දඬුවමුත් ඔයා දන්නවා ඇති. ඒ වගේම මෙම ව්‍යවස්ථා විරෝධී කටයුත්තට රාජ්‍ය නිලධාරීන්ට අනිසි බලපෑම් කරමින් ඔවුන්ව අපහසුතාවයට පත්කරන එක ඔයාලාට කිසිම දුකක් නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රිට, හිටපු ආරක්ෂක ලේකම්ට, හිටපු පොලීස්පතිට, හිටපු බුද්ධි අංශ ප්‍රධානීන්ට පාස්කු ප්‍රහාරය පිළිබඳව ළඟදී අධිකරණය දුන්නු තීන්දුව, වත්මන් මුදල් ලේකම්, පොලිස්පති සහ රාජ්‍ය පරිපාලන ලේකම්ට හොඳ පාඩමක්...
රජතුමාගේ අන්තක්පුරයද දැන් නීති සම්පාදනය කරන්නේ?
එතකොට මහබැංකුව කඩපු කෙනාගේ සහ රටින් සේසත පිටරට යවන දේශපාලුවන් සහ බිස්නස් කාරයින්ගේ සේසත රාජසන්තක කරන්නේ නැත්තේ මොකද?
වරෙන්කෝ දේපළ ගෙනියන්න. අපේ දේපල ඔයාගේ අම්මගේ අප්පගේ දේපළ කියලා හිතුවද?
දෙයියනේ ඕවා කියව කියවා ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න. කඩාකප්පල්කාරී ජවිපාවුන්ට පරණ ඇයි හොඳයිකම් අමතක කරලා දඩුවම් දෙන්න නීත්‍යානුකූලව. නැතුව නම් මේ රට හදනවා බොරු. මේ රටේ මොන වැඩේටද ජේවීපීකාරයින් අකුල් හෙලුවේ නැත්තේ? එල්ටීටීඊ යුද්ධෙත් දිනන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවේ ආණ්ඩුවට කකුල් මාට්ටු දාන්න උත්සාහ කළ අංක එකේ කඩාකප්පල්කාරීන්ගෙන් රටක දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්ද?
එක්සත් ජාතික පක්ෂය මුළු ගාල්ලෙන්ම අතුගෑවා.. රට කෑවා.. මෙයා හිතාගෙන ඇති පොර කියලා
එතකොට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද අයට එල්ලුම් ගස තමයි. අනේ මහජන ඡන්දයෙන්වත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු මිනිසා කියන කතාවලට ඇති වලංගුභාවය කුමක්ද? දැන් තමුන්ලා ජනතාව ඉදිරියේ අවලංගු කාසිවගේ...
රටම. හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ දේපළ රකින්න හොඳයි. අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ කාලකන්නි දූෂිත දේශපාලුවන් කරපු හොරකම්, වංචා, දූෂණ, වැරැදි තීරණ, තීන්දු නිසා...
පින්බත් කෙළින ඔහෙලගේ දේපළනේ... එහෙම කරන්න ඕනේ නේද?
දැන් දූෂිත රාජපක්ෂ පවුල් පාලනය තිරේ පිටුපස හැංගිලා, ඒත් බලය එසේම තියාගෙන, තිරේ ඉදිරිපසට වජිර ඇතුළු ජනතාව කුණු ගොඩට වීසිකළ උදවිය දාගෙන ගිලෙමින් පවතින පාලනය කෙසේ හෝ රැක ගැනීමට පොලීසිය හා සන්නද්ධ හමුදා බලය යොදාගෙන නොයෙකුත් උපක්‍රම යොදනවා. ඒත්, හොඳින් මතක තබාගන්න... පව් පලදෙන්න ගත්තාම කරන කරන වැඩේ කණපිට හැරෙනවා. දැන් වෙමින් පවතින්නේත් ඒක. තව ටිකක් කල් යනවිට දූෂිත හොරුන්ට පැන දුවන්න පාරවල් මදිවේවි. එවිට හොරුන් රකින හා හොරුන්ගේ පදේට නටන වජිර ඇතුළු සෙට් එකට පදේට උඩයමින් රෙදි නැතිව තමයි දුවන්න වෙන්නේ. හහ් හහ් හා ... !
ඕක රෝල් කරලා ඒක උඩ ඉඳගන්න...
තවත් කෙනෙක් ඡන්දෙට බයේ නිකන් කයිවාරු ගහනවා... පුළුවන් නම් ගමට ඇවිල්ලා බලන්න.
මේ බත්බැලයින්ට ඉතාමත් හොඳට සලකන්න ගමට ආපු විගස වගබලා ගනිමු...
මේවා හොඳ දේවල්නේ... දැන් හරි හරියට කරනවානේ... නැතිනම් මේ රට කවදාවත් ගොඩඒමක් නැහැ...
මේ රට වලපල්ලට ගෙනියන්නේ වෘත්තීය සමිතිකාරයින්... මේ අය උදේ නැගිට්ටවෙලාවේ ඉඳන් කල්පනා කරන්නේ අපේ රට වට්ටන්නේ කොහොමද කියලා... රාජ්‍ය අංශය භංග වේවා. රටේ සෑම ආයතනයක්ම පුද්ගලීකරණය කරන්න ඕනෑ වහාම..!
ඔක්කෝගේම රස්සාව නැතිකරලා වජිර ඔයාද ඒ හැම ජොබ් එකක්ම කරන්න යන්නේ? ලක්ෂ ගානක් රජයේ සේවකයින් ගෙදර යවලා වජිරට පුළුවන් නම් රට ගෙනියන්න කරලා බලන්න. ඔයාලගේ හිට්ලර් ලොක්කාට බැහැ වජිර රටේ මිනිස්සු බයකරලා තගදාල වැඩගන්න. පුළුවන් නම් කරලා බලන්න..
අනේ මේ මුන් හදන රට ? මෙතරම් කාලයක් බලයේ ඉඳලා කරපු ඉටිගෙඩියක් නැතුව මේ අවුරුදු දෙක තුනට රට ගොඩගන්නවා කියන එක ලෝක බොරුවක්. වැඩ වර්ජනවලට ඔයතරම් බය මොකද? හරිහමන් ඡන්දෙකින් බලය ගත්තා නම් ඒත් ටිකක් ඉවසන්න පුළුවන්.
රටේ ඉතුරුවෙලා ඉන්න වෘතිකයොත් අතලොස්සත් ගෙදර යැව්වම ඒවයේ වැඩ බලන්නේ ඔබතුමා වෙන්නැති ආයුබෝවන්ඩ
හොරාකාලා කොමිස් ගහලා රට බංකොලොත් කරලා රටගොඩදාන්න කියලා පටි තදකරගන්න කියලා ජනතාවගේ බොටුව මිරකනතුරු බලාගෙන ඉන්නද කියන්නෙ රට බංකොලොත් කලේ ජනතාව ද රට හැදීමෙී උවමනා තියනවනම් දේශපාලන අධිකාරිය සදලුතලවලින් බිමට බැහැලා සියලු වරප්‍රසාද නැතිව පඩිනොගෙන වැඩකලයුතුයි සාමාන්‍ය ජනතාව සේ වැඩකලයුතුයි එහෙමනැතිව ජනතාවගේ බොටුව කඩලා තොපේ පටි බුරුල්කරගෙන අපිට කැපවෙන්නලු එහෙම උනොත් අපිට මැරෙනතුරු තොපිවෙනුවෙන් කැපවෙන්න තමා වෙන්නේ රනිල් වික්‍රමසිංහ පරයෝ
නීති ගැන කියනවා විතරයි ඒවා ක්‍රීයාත්මක උනේ ජුලි වර්ජකයින්ට පමණයි. මෑත කාලයක ක්‍රීයාත්මක උනානම් වර්ජන තර්ජන අරගල බොහොමයක් නවතා ගන්න තිබුනා ඉස්ටාලින්ලා වීරයෝ වෙන එක නවතා ගන්න තිබුන. අත්‍යවශ්‍ය සේවා නීති කැඩුව හොත්දො ස්තරයින්ගේ private practice එකවත් කරගන්න බැරි වෙන්න නීති සකසන්න. බදු නැති කරන්න කියලා උද්ගෝෂණ කරන අය බදු වලට අසු වෙන්නේ නැහැ. උන් උද්ගෝෂණ කරන්නේ බදු වලට අසුවෙන ඉහල වැටුප් ගන්න ඒත් උද්ගෝෂණ වලට පාරට නොඑන හාම්පුතාලා වෙනුවෙන්. JR ජුලි වර්ජක යින්ට දුන්න දඬුවම දෙන්න.
මු O/L වත් පාස් ද ? අමු නුගතෙක් නේද ?
දේපල රාජසන්තක කරල ඒවත් පිට රටවල් වලට විකුනල ඩොලර් කරගන්න අදහසත් නරකම නැහැ නේද????
හොඳ දෙයක් රටට වෙන්නේ .පවරාගෙන විකුනලා ණය කන්ද ඉවරකරලා ඉතුරු උනොත් රජා එක්ක සතුටින් ඉන්න පුළුවන් .මරු
මිනිසුන්ට හරියට බෙහෙත් ටික දෙන්න , තෙල් ටික දෙන්න , විදුලිය දිගන්න බැරි උන තත්වෙට වට්ටපු පොහොට්ටු අලි රජයේ සියලුම ඇමතිලා මන්ත්රිලා ට මේ පනත යටතේ නඩු දාල දේපල රාජසන්තක කරන්න ඕනේ
හරි නම් පොදු පුද්ගලික අංශ දෙකම වැඩ වර්ජනය කරලා රට එක තැන නවත්වලා මිනිස්සු ඔක්කොම පාරට බැහැලා මුන්ව එළවන්න ඕන
ඩීල් දාල, හොරකම් කරල චන්දෙන් පැරදිල ගෙදර යවපු උබල්ගෙ දේපල ප්‍රතමයෙන්ම රාජසන්තක කලයුතුයි.
රට බන්කොලොත් කරපු උන්ටත්, මහජන දේපල හොරකම් කරපු උන්ටත් නීතියක් ගෙනත් මරණ දඩුවම දීල මෙ රට නැවත දියුනු කරන්න.
මොන ඒකෙක්ද මේ නීති පනවන්නෙ. තම නායකයා සමග ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද තක්කඩියෙක්
මූ කොහෙන් ආපු එකෙක්ද කවුද මූ පත් කලේ...මූ කියන ඒවා මොකටද අහන්නෙ
මේ නීතිය තවත් හොරාකන්න උපක්‍රමයක් .දුප්පත් මිනිස්සුන්ට විතරයි මේ නීතිය අදාළ
දේපල නැත්නම් මොකද කරන්නේ
ඔවු . සමහර දේශපාලන කල්ලි සඳහා දැවැන්ත දීමනාවක්.