(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවට දැනුම් දුන්හ.
එසේම ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට කෝටි විසි දෙකකට වැඩි මුදලක් වාර්ෂිකව වැයවන බව පෙන්වා දුන් එම නිලධාරීහු මේසා විශාල මුදලක් වැයවීම වැලැක්වීමට නම් ඒ ආනයන නතර කර අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයන් දිරිමත් කළ යුතු බවද පෙන්වා දුන්හ.
මේ අතර විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd