(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා  ලංකාදීපයට පැවැසීය.

මේ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඉන්දියාව බංග්ලාදේශය, ඉන්දුනීසියාව චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව යන රටවල නායකයන් සමග බවද  හෙතෙම සඳහන් කළේය.

ඉල්ලීම සම්බන්ධයෙන් ඒ රටවලින් දැනටමත් සාර්ථක ප්‍රතිචාර ලැබී ඇතැයි පැවසූ හම්දානි මහතා ඉන්දීය ණය සහන යටතේද  ඖෂධ තොග ලැබෙමින් පවතින බව පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා  විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් සහ පරිත්‍යාගශීලීන් රැසක් ඉදිරිපත්ව සිටින බව වෛද්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.