පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන් කර ඇත.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 500ක මුදලක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට රුපියල් මිලියන 500ක මුදලක් ද වෙන් කර ඇත.
ඖෂධ හිඟය නිසා පිළිකා රෝගීන්ගෙන් බොහෝ දෙනකු ප‍්‍රතිකාර නොමැතිව පීඩාවට පත්ව ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේදී වාර්තා කර තිබිණි.
එම පුවත් වාර්තාව වැරැුදි යැයි කැබිනට් මණ්ඩල හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත.
කෙසේ නමුත් ඖෂධ හිඟය දිගටම පැවැතුණු බවත් ඒ හේතුවෙන් ඇති වූ අර්බුදය විසඳී රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම් යනාදිය යථා තත්ත්වයට පත්වීම සති කිහිපයක් ගත වනු ඇති බවත් බලධාරීහු කීහ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගත වී සිටි අතර ඔහු නැවත පැමිණීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ නිලධාරීන් හමු වී සාකච්ඡුා පැවැත්වූ බවත් ඉන් අනතුරුව භාණ්ඩාගාරයට අදාළ මුදල් නිදහස් කළ බවත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවැසීය.
මෙලෙස මුදල් ලැබීම නිසා මාසයකට ප‍්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට හැකි බව ද වෛද්‍ය පනාපිටිය මහතා කීවේය.
කෙසේ නමුත් මීට පෙර කළ මිලදී ගැනීම් වෙනුවෙන් භාණ්ඩාගාරය රාජ්‍ය ඖෂධ සංස්ථාවට රුපියල් බිලියන 4ක මුදලක් දිය යුතු බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට සහ තවත් ආයතනකට රුපියල් බිලියනයක මුදලක් ලබා දිය යුතු බවත් හෙතෙම අනාවරණය කළේය.
භාණ්ඩාගාරයේ ඇතැම් අංශවල හා කටයුතුවල ඇති ප‍්‍රමාදය නිසා එලෙස රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම ප‍්‍රමාද වී තිබෙන අතර එම නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම ප‍්‍රමාද වී තිබේ.
දින 52 දේශපාලන අර්බුදය නිසාත් ඒ හේතුවෙන් ටෙන්ඩර් මණ්ඩලවලට නිලධාරීන් පත් කිරීමට නොහැකි වීම නිසාත් ඖෂධ මිලදී ගැනීමට හා සැපයුම් කිරීමට නොහැකි වූ බව වෛද්‍ය පනාපිටිය මහතා කීවේය.
මුදල් නිදහස් කිරීමේදී භාණ්ඩාගාරයේ ප‍්‍රමාද තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවීමට තිබීමත් දින 52 දේශපාලන අර්බුදයත් එලෙස මුදල් නිදහස් කිරීමේ දී ඇති වූ අර්බුදයට හේතු වූ බව හෙතෙම කීවේය.
හෙට වනවිට රුපියල් බිලියනයක මුදලක් ලැබෙනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඞ් රූමී මහතා කීවේය. ඉදිරියේදී අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් සිදු නොවිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාවරයා උපදෙස් දුන් බව හෙතෙම කීය.
මේ අතර පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතිචාර දැක්වීය.
හිඟ වී ඇත්තේ පොදුවේ භාවිත කරන ඖෂධ 75කින් 17ක් පමණක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එයින් ඖෂධ වර්ග හයක තොග පැමිණි බවත් එම ඖෂධ මහරගම ‘‘අපේක්ෂා’’ රෝහලට යැවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කඩිනමින් පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව අනෙකුත් පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට ඖෂධ යැවීමට පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව දැනට හිඟව තිබෙන ඖෂධ ගෙන්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
055
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක්