(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සෝ, ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙළෙද පොළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග කියයි.
එබැවින් මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගතයුතුව ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේ දී රැස්ව ඇති අතර රට තුළ ඇති ව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද වාර්තාවේ.
ඩොලර් හඟගය ඉතාම බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත්, එය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , බැසිල් රාජපක්ෂ, ආචාරය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඩීසල් වාහන බොහොමයක් භූමිතෙල් වලින් ධාවනයවීම හේතුවෙන් සංස්ථාවට දැඩි පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් හිඟය මගහරවා ගැනීම, සදහා ඉදිරි කාලයේදී විකල්ප වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000 කොළඹ වරායේ හිර වෙයි
සෙනෙවිරත්න Wednesday, 24 November 2021 10:56 PM
පහුගිය දවස්වල වෙන කතාවක් නේ කිව්වෙ? , කොවිඩ් නිසා නැව් එන්නෙ නැහැ. නැව් ගාස්තු වැඩියි අරව මේව. දැන් ගෙදරටම ආපු බඩු ටිකට ගෙවන්න සල්ලි නැතිලු.
ලුම්බිණි Thursday, 25 November 2021 05:30 AM
මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න අකමැති?
Jayampathi Thursday, 25 November 2021 01:12 PM
එතකොට කොමිස් ගහන්න බෑ.
මසිරිපාල Thursday, 25 November 2021 06:51 AM
අත්‍යාවශ්‍ය නම් හිරකර හිටියම හරි යනවද කුණුවෙනවා නරක්වෙනවා කියලා දන්නෙ නැද්ද. විනිමය ගෙවල ගන්න වෙලාවෙ කුණුවෙලා කියලා විසි කරනවා සල්ලිත් නැහැ බඩුත් නැහැ මෙහෙම නාස්ති වෙන්නෙ ජනතා මුදල් කියලා තේරුම් ගන්න බැරිද. වරායේ හිර නොවෙන්න ගේන්න බැරිනම් ජාතික ධනය නාස්ති නොකර ගෙන්වීම නවත්තන්න
de silva Thursday, 25 November 2021 06:59 AM
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහය පැතීම හැර වෙන විකල්පයක් නැත.
69 ශ්‍රී 2019 Thursday, 25 November 2021 07:39 AM
නුඹෙ අම්මා කිරට ගියා කිරි එරවා එන්න ගියා කිරි මුට්ටිය ගගේ ගියා ඊට උඩින් කොක්කු ගියා මෙහෙම කිව්වම දරුවො බඩගින්නෙ අහගෙන ඉන්නවා ඒ වගේ වරායෙ කන්ටේනර් හිරවෙලා කිව්වට බඩගිනි නිවෙන්නෙ නැහැ ඩොලර් නැත්නම් තවත් ණයට අරගෙන මංතීරු ටිකක් හදමුකෝ
kamal Thursday, 25 November 2021 10:05 AM
මොකටද ඔය කසි කබල් වරාය තවත් පාවිච්චි කරන්නේ.අර කිරි කිරි වරායක් හම්බන්තොට පාලුවෙන් බලා ඉන්දැද්දී .හනේ අපිට කවදා මොලේ පෑදෙයිද ?
මොට්ටපාල Thursday, 25 November 2021 03:21 PM
ලෝකයේ දෙසිය ගනනක් වන ස්තානයක තිබුනු කොළඹ වරාය 22 වැනි තැනට ගෙනාවෙ ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ඒ බොහෝ කලකට පෙර .දැන් ඉතින් පරණ වෙනකොට හිරවීම් වෙන්න පුළුවන් .මිනිහෙක් වුනත් වයසට යනවිට හිරවෙලා අමාරුවෙන් තමා කන්නෙ බොන්නෙ. කමල් කිව්වත් වගේ මේ හිරවෙන වරාය කීයකට හරි දීලා හිටපු රජතුමාගේ (හම්බන්තොට ) වරාය අපි පාවිච්චි කරමුකෝ
Siri Thursday, 25 November 2021 10:29 AM
එකම පිළියම මෙයාලා හොරකම් කරපු දේපල රාජසන්තක කිරීම.වෙන විකල්පයක් නැත
sanjeewa Thursday, 25 November 2021 11:56 AM
කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා ,රට විනාශ නොකර ගෙදර යන්න .වරායේ හිර වෙලා තිබෙන ආහාර ටික නිදහස් කරගන්න ,පොහොර ටික ගේන්න සල්ලි නැහැ .නමුත් ජෝගින් ට්‍රැක් ,ජිම් හදනවා
පීඩිතයා Thursday, 25 November 2021 12:34 PM
නිකන් ඩොලර් නෑ කිය කියා ඉදලා හරියන්නේ නෑනේ. 2/3 ක බලයකුත් තියනවා නන්, එකම රටක් එක නීතියක් නන් ක්‍රියාත්මක කරන්ඩ ඉන්නේ, හොරුන්ගෙන් සල්ලි අරගෙන ගෙවන්ඩ.
Jayampathi Thursday, 25 November 2021 01:10 PM
අර නැනෝ පොහොර වලට වැඩියෙන් ගෙවපු ඩොලර් මිලියන 1100 තිබ්බා නම් ඕවා නිදහස් කරගන්න තිබුණා නේද. ඊයෙ ජනාධිපති නං කිව්වා 2/3 තියෙන නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.
amila Thursday, 25 November 2021 01:17 PM
මිනිසුන්ට කන්න තියෙන දේවල් ගෙන්න ඕන සල්ලි නේද අර චින නැවට ගෙවන්නේ. එතන ඩොලර් මිලියන 4ක්. කව්ද මේවගේ වගකීම බාරගන්නේ?
Sambo Thursday, 25 November 2021 01:33 PM
ඕවා අත්‍යවශ්‍ය ආහාර නම් තියාගෙන ඉන්නේ කුණුවෙනකන්ද අපිට දෙන්න?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 November 2021 02:21 PM
රට නැමැති නැව ගිලෙනවා .. ඒ වුණාට රට කරවන ඇත්තන් වීණා වාදනය කරනවා .. පදවි ප්‍රාප්ති,පියවරුන් වෙනුවෙන් පුෂ්පෝපහාර ඇතුළු බොහෝ දේ සඳහා හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා බටා ඇතුළු වියදම් කොපමණද ?
Asa Thursday, 25 November 2021 02:25 PM
හොඳටම කරපු සර්ගේ තරම
Gamma Thursday, 25 November 2021 02:55 PM
මේවාට වග කියන්න ඕනේ යහපාලන රජය
ගමේ එකාලා Thursday, 25 November 2021 04:09 PM
මහ ලොකු ආර්ථික ඔස්තාර්... මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ... දූෂිත දේශපාලුවන් නිසා තමයි මේවාට වගකියන්න ඕනේ... හොරකම්, වංචා, දූෂණ, නිකරුණේ මුදල් කාබාසීනියා කිරිම, නිසි කළමනාකරණයක් නැති වැඩ... හත් පොලේම ගාගෙන දඟලනවා. හරියටම කරන්න පුලුවන් එකම දේ බොරුකීම, දූෂණ මිසක් වෙන මොනවාද?.
විජිත කලූආරච්චි Friday, 26 November 2021 11:58 AM
උත්සව අවලංගු කරන්න රජයේ සියලු විදෙස් ගමන් තහනම් කරන්න මැති ඇමති වාහන 1 ක් පමණක් ධාවනය කරන්න. පූද්ගලික වාහන භාවිතය අවම කිරීමට නීතී ක්‍රියාත්මක කරන්න අපනයනය ඉහළ නැංවීමට ක්ෂණික පියවර ගන්න වසර 30 ක් රාජ්ය සේවයේ නිරතව සිටි සියලුම දෙනාගෙ වත්කම් සෙවීමට බ්‍රිතාන්‍ය, ඇමරිකානු, රුසියානු, ආයතන 03 කට බාර දි සොරකම් කළ ධනය වස්තුව. රාජසන්තක කල විට 75% ක් ගැටළු විසදෙනූ ඇත.
kamalFriday, 26 November 2021 01:14 PM
ඉබ්බන්ට පියාඹන්න කීම මොලේ ඇති වැඩක් නෙවෙයි...
විපරමා Friday, 26 November 2021 04:18 PM
ආර්තික ඔස්තාර් කෙනෙක් කියන කතා. වරායේ බඩු හිරවුණාම අපිද පළි..? ආණ්ඩුව ඉන්නේ අහවල් දේකටද?
පිටරැටියා Friday, 26 November 2021 09:01 PM
වෙන රටවල් ජන ජීවිතයට මුල්තැන දෙනවා. ඒකටත් එක්ක ලංකාවේ... කිසිම කළමනාකරණයක් නැති,දේශපාලුවෝ..?
marikkar Saturday, 27 November 2021 02:05 PM
ඩොලර් හොයන්න යන විකලපමාර්ග කියන්නේ මහජනයා ගොනාට අන්දන්න තවත් බොරුවක්.