(මනෝප‍්‍රිය ගුණසේකර)
දෑරණියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ හෙවත් අත කොටා නැමැත්තාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (5) නියම කළේය.
වීදී රේඛා සහතිකයක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ 5 ක අල්ලසක් ඉල්ලා ලක්‍ෂ 4 ක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබේ.
අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 4 ක මුදල දණ්ඩනයක් වශයෙන් ආපසු අයකර ගැනීමටද විනිසුරුවරයා නියම කළේය.
නූරී වතු අධිකාරී නිහාල් පෙරේරා මහතාට දස වධ දී අමානුෂික අන්දමින් මරා දැමීමේ චෝදනාවට වරදකරු වී මේ වන විට මරණීය දඬුවම නියම වී සිටින දෑරණියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ හෙවත් අත කොටා නැමැත්තාට නියම කළ මෙම දඬුවමට අමතරව අල්ලස් ලබාගත් කාන්තාවට රුපියල් ලක්‍ෂ 2 1/2 ක වන්දියක් ගෙවන ලෙස ද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ, වන්දි හා දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 7 ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ද ඔහු යටත් කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මරණීය දඬුවම නියම වී සිටින සිරකරුවන්ට ලබාදෙන සිර ඇඳුමින් සැරසී සිටි චම්පික විජේසිංහ හෙවත් අත කොටා නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.
චම්පික විජේසිංහ හෙවත් අත කොටා නමැත්තා සමඟම දෑරණියගල ප‍්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරීවරයා ලෙස කටයුතු කළ සිරිල් අබේවික‍්‍රම නමැත්තාට එරෙහිව ද මෙම නඩුවෙන් චෝදනා නඟා තිබු අතර මුල් අවස්ථාවේදීම ඔහු අදාළ චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණය ඔහුට අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කෙරිණි.
මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් මහජනතාව අතර පිළිකුලට ලක් වනවා මෙන්ම රටේ ආර්ථිකයට ද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්නාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 4ක මුදල දණ්ඩනයක් වශයෙන් අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂ 2 1/2ක වන්දියක් ගෙවීමට ද නියම කළේය.
විත්තිකරුට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර වසර 05ක සිරදඬුවමකට ද වන්දි මුදල නොගෙවුවහොත් අමතර වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ද ඔහු යටත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ගරු අධිකරණයට මෙවන් පාඩදයින්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව හිස නමා ආචාර කරනවා. දෙවනුව බදු ගෙවන අවංක පුරවැසියන් හැටියට අප කණගාටු වෙනවා මේවගේ සමාජවිරෝධී පාදඩයින්ව ගාල්කර නඩත්තු කිරීමට බදුමුදල් වියදම් කිරීම පිළිබඳව.. මේවගේ කාලකන්නින්ව සමාජයෙන් සදහටම තුරන් කළ යුතුයි. එය අදාළ බලධාරින් කරගන්න මහඟු පිනකි.
මෙවන් නරුමයින් ලංකාවේ සෑම ප‍්‍රාදේශීය සභාවක ඉන්නවා. සභාපති ලොකුලොකු ගණන්වලින්. ටී.ඕ. කාරය 5000, 10000,15000 ගණන් වලින් තමයි නිවසක් ප්ලෑන් එකක්, ඉඩමක ප්ලෑන් එකක් අනුමත කරගන්න ගියාම ගන්නේ. මේවා මාධ්‍යවල පළකිරීමත් රටට කරන සේවයක්. එමනිසා නම නොකියා අල්ලස් ගැනීම් සම්බන්ධව එවන තොරතුරු පල කරන්න.
මෙයාට හා ගෝලයින්ට ලෝවැඩ සංග්‍රහය කාට හරි දෙන්න බැරිද? හොඳ හැටි කියවලා තේරුම් ගන්න...
දුෂ්කර පැතිවල හිර කඳවුරු දාලා මුන්ලව අස්වද්දන්න ඕනේ.. මේ හරක් ගොඩ මඩ දෙකම හොඳට හාලා දේවි.
මෙවන් පාදඩයින්ට මේ දඬුවම් මඳි වුනත් ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි..!
මේ නඩුව අවුරුදු කීයක් ඇහුවද..?
මේ කියන අතකොටා අර වතුයායක අධිකාරිවරයෙක්ගේ මිනීමැරීමක් සම්බන්ධව වරදකරුවෙලා අවුරුදු 200 ක් හිරේට යවන්න නියම වුනා නේද? මිනිහ දැන් එලියට ඇවිල්ලා අවුරුදු 24ක් මැරෙන එකවුන්ට් එකට අවුරුදු දාගෙන. ඉතින් මේවගේ සමාජ ව්‍යවසන තමයි එල්ලා මැරිය යුත්තේ. අර පිලිපීනෙ ජනපති මේ රටේ හිටියා නම් මෙයාව හෙලිකොප්ටරේ එක්කන් ගිහින් බිමට තල්ලුකරනවා..
මොවුන් සාටකලාගේ ගෝලබාලයෝ. සාටකලා මුළුරටම විනාශ කළා මදිවට අයිමත් බලයත් ඉල්ලනවා.