(දසුන් රාජපක්ෂ)
තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනිමක ප්‍රතිඵලයක් වශයෙන් බව රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක මහතා දේශපාලන පලි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (28) ප්‍රකාශ කළේය.
එම චෝදනාවන්ට වරදකරු වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නම් සදහන් කර කට උත්තරයක් ලබා ගැනීමට රහස් පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමා ට සහ බිරිඳට බලපෑම් කළ බව ද දසනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
ඩී කේ පී දසනායක මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ මෙලෙස පෙනී සිටි දෙවැනි අවස්ථාව මෙය වෙයි.
මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (28) රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දෙමළ පාසල් දරුවන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදී දේශපාලන පළිගැනීමකට මුවාවී ඇඟ බේරාගන්න දෙන්න පුලුවන්ද? මෙය සැබෑ රණ විරුවන්ටත් නිගාවක්... මේ වැරදිකරුවන්ට දඬුවම් කළොත් විතරයි ලෝකය ඉදිරියේ අපි ශිෂ්ඨ සම්පන්න ජාතියක් කියා ඔප්පු කළ හැකි වන්නේ...
මෙව්වා අහ අහා සමහරක් ඇඳුම් නැතිව අලි අනාථාගාරයට කඩේ යනවා.
මේ අය දැන් දේශපාලන බලය නිසා ගැලවිලා හිටියට සොබාදහමෙන් නම් ගැලවීමක් නැහැ.
කවද්ද ඔබ දේශපාලන කාලේ එහෙම ඔබගෙන් පළිගැනීමට. හොඳම දේ අධිකරණයේදී ඔප්පු කිරීම දේශපාලන පළිගැනීමක් කියලා...
බොහොමයක් අත්අඩංගුවට ගැනීම් වෙන්නේ දේශපාලන පලිගැනීම් ලෙස තමයි. අපේ රටේ කවද්ද වැරැද්දකට වැරැද්ද කළ පුද්ගලයා සොයා දඬුවම් දුන්නේ.. රන්ජන්ගේ හඬපට සැබෑ නම් නීතිය නවපු ආකාරය එහි තිබුණා. ඉතින් තවත් මොන කතාද..? කළ වැරදිවලට නිසිපරිදි අත්අඩංගුවට ගැනීම් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින කීදෙනෙක් නම් අත්අඩංගුවට පත්වේවිද..?
රාජකාරියේදී ලකුණු ගැනීමට සහ ඉහළට පැමිණීමේ අරමුණින් එකඑක දේශපාලකයින්ට කඩේ ගිහින් ඔවුන් කියන දේවල් කළාම මෙහෙම වෙනවා. ඒ කරපුවාට නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒවා දේශපාලන පළිගැනීම් නේද? මොකටද දේශපාලනය කළේ..?
ඒ අසරණ දරුවන් කළ අපරාධය කුමක්ද? ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්වෙන්න හේතුව කුමක්ද? ඔවුන්ටත් අයිතියක් නොතිබුණද මේ ලෝකේ ඉගෙන ගෙන හොඳින් ජීවත් වෙන්න. දරුවන් රඳවා සිටියා කියන කඳවුර කොහෙද කාගේ බාරේද තිබුනේ? මේ අය දැන් දේශපාලන බලය නිසා ගැලවිලා හිටියට සිදුවුණු දේ හොඳින් දුටු දෙවියන්ගෙන් නම් ගැලවීමක් නැහැ.
මිනීමරු, තක්කඩි පාලනයක ස්වාභාවය තමයි බලය ලැබුණු ගමන් දඩ බල්ලෝ ලිහලා දාන එක. එතකොට අර ඔක්කොම දඩ බල්ලෝ අහිංසක බල්ලෝ වෙනවා. ඒවා සාක්ෂි සහිතව ඔප්පු වෙනකොට දැන් කියනවා මේවා පලිගැනීම්ලු. එතකොට අර මැරුණු එවුන් පළිගත්තේ ඔවුන්ගෙන්ම වෙන්නැති නේද? මේවා හතරබීරි කතා... අපි දන්නා විදිහට නම් රජයෙන් සහ රජුගේ නීතියෙන් බේරුණත්, ස්වාභාව ධර්මයේ යුක්තියෙන් කාටවත්ම බේරෙන්න බැහැ. ඒවාට අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා මයි.
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ...
දේශපාලන පලිගෑනීමක් කියන එක මෙතන බොහෝ අයට තේරිලා නෑ වගේ. ඒ කියන්නෙ මෙහෙමයි. රටේ ක්‍රියාන්විතයක් යනකොට ඒ ක්‍රියාන්විතය මෙහෙයවන්න හමුදාව පැත්තෙන් තෝරගන්නේ පවතින ආණ්ඩුවේ අණ එලෙසම ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය සහිත නිලධාරීන් පමණයි. එහෙම නැතිවුනොත් අනිත් අය ඒකට කෙලවන්නත් පුලුවන්නේ නේ.. තමන්ට විශ්වාස නිලධාරීන් පත් කරගත්තම එහෙම බියක් ඇතිකරගත යුතු නැහැ.. පස්සේ ආණ්ඩුව වෙනස් වුණාම ඒ නිලධාරීන් සිටින්නේ ඉහල නිලතලවලම තමයි. එතකොට අලුතින් පත්වෙන ආණ්ඩුවට ඕනෑ වුනේ ක්‍රියාන්විතය දිනවන්න නෙවෙයි රට විකුණන්න වගේ දෙයක් නම්, ඒ නිලධාරීන්ට විරුද්ධව කිසිඳු චෝදනාවක් නැත්තන් ඔන්න චෝදනා මවලා හිරේදානවා. ඔන්න ඕකට තමයි දේශපාලන පළිගැනීම් කියන්නේ... හරිද?
දැන් හරි ලේසියි. ඕනෑම දෙකට දේශපාලන පළිගැනීම්... කියලා ගැලවෙන්න ඔය බොරු කියන්න එපා ඔය අපරාධයේ සියලු තොරතුරු සොයලා ලැබිලා තියෙන්නේ පාසල් දරුවන් 11ක් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ගිරිතලේ නාවික කඳවුරේ තබා ගත් සියලු සාක්ෂි තියෙනවා මේවා අහස පොළව නුහුලන අපරාධ..
මොන දේ කියල නීතියෙන් බේරෙන්න හැදුවත්, බොරු සාක්කි පෙන්නලා නීතියෙන් බේරුනත් ස්වභාව ධර්මයෙනුත් තමන්ගේ හෘද සාක්ෂියෙනුත් මැරෙනකම් ගැලවෙන්න බැරිවෙයි.