
(බී.ජි. චතුරංග, දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන)
අනුරාධපුර ගිරානේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුල සූදු ක්‍රීඩාවේ (බූරු ගැසීමේ) නිරත වීමට අවස්ථාව සලසා දී, සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කැකිරාව අධිකරණය නියෝග කර ඇත.
මෙසේ ඇප මත මුදා හැරියේ ගිරානේගම පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරෙකු , පොලිස් සැරයෙන්වරකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
එම පොලිස් වසමේ 10 දෙනකු පමණ සූදු ක්‍රීඩාවේ නිරත වූ පිරිසක් වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටියදී ඔවුනට සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාවේ නිරතව සිට ඇත.
එම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම, අයුතු සිරකර තැබීම , සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමට සහ සූදු ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලබා දීම යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිගේ ගම්පළාතනේ... එච්චර ලොකු ගැටළුවක් වෙන එකක් නැහැ...