IMG-LOGO

අත්අඩංගුවට ගත් අරගලකරුවන් පස් දෙනාට ඇප

(නිමන්ති රණසිංහ)

අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රොෂාන් ප්‍රනාන්දු, ධනුෂ්ක ලක්මාල් ජයමාන්න, ලියනගේ විමලසිරි, මොහොමඩ් අයිරාෆ් මොහොමඩ් සහ දේශාන් ඉම්රෝන් නැමැත්තන්ය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පීරිස්, රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් ගාලුමුවදොර පිටියේ සිටින ජනතාවට මහජන පීඩාවක් වන අයුරින් මෙම පිරිස කටයුතු කළ බවත් දෙසීයක පමණ පිරිසක් එක්ව සිටි මෙය නවතා දමන ලෙසට පොලීසිය ඉල්ලීම් කළද විරෝධතාකරුවන් එය පිලි නොගෙන කටයුතු කල  බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සාමකාමීව රැස්ව සිටි පිරිස ප්‍රකෝපකාරී කළේ පොලීසිය බවත් පොලීස් නිලධාරීන් කටයුතු කළ  ආකාරය වැරදියි සහගත අතර දරුවන්ට පවා හිරිහැර වූ බවත් ජනාධිපති නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැරිමට නියෝග කළේය.



අදහස් (2)

අත්අඩංගුවට ගත් අරගලකරුවන් පස් දෙනාට ඇප

Bamunuarachchi Tuesday, 11 October 2022 06:40 AM

ඇප ලැබුනා කියා සතුටු වෙන්න එපා. අන්තරේ කියාවි මචං භයවෙන්න එපා ඇපලබුනා නේ . උන්ට අපිට විරුද්දව කරන්න පුළුවන් මගුලක් නැහැ කියලා. එත් කිසියම්දෙයකට පොලිස් රිපෝට් එකක් අවශ්‍ය උනොත් අන්න එතනදී තමයි කැරට්ටුව එළිවෙන්නේ, කෙලවෙන්නේ. අන්න එතනදී අනුරගෙන්, සජිත්ගෙන් ලැබෙන චරිත සහතිකය කුනුකුඩේට දමන්න වෙනවා.

:       0       0

sharm warn Tuesday, 11 October 2022 10:43 AM

අරගලකරුවන් ද විරෝදතා කරුවන්ද? හැමපැත්තෙන්ම පීඩා විඩින මිනිස්සු අයුතු ජන රාශියක් වෙන්නෙ කොහොමද? මෙ යෙදුම මොන තරම් මානව හිමිකම් කඩවීමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 52 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 235 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site