(නිමන්ති රණසිංහ)
අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රොෂාන් ප්‍රනාන්දු, ධනුෂ්ක ලක්මාල් ජයමාන්න, ලියනගේ විමලසිරි, මොහොමඩ් අයිරාෆ් මොහොමඩ් සහ දේශාන් ඉම්රෝන් නැමැත්තන්ය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පීරිස්, රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් ගාලුමුවදොර පිටියේ සිටින ජනතාවට මහජන පීඩාවක් වන අයුරින් මෙම පිරිස කටයුතු කළ බවත් දෙසීයක පමණ පිරිසක් එක්ව සිටි මෙය නවතා දමන ලෙසට පොලීසිය ඉල්ලීම් කළද විරෝධතාකරුවන් එය පිලි නොගෙන කටයුතු කල බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සාමකාමීව රැස්ව සිටි පිරිස ප්‍රකෝපකාරී කළේ පොලීසිය බවත් පොලීස් නිලධාරීන් කටයුතු කළ ආකාරය වැරදියි සහගත අතර දරුවන්ට පවා හිරිහැර වූ බවත් ජනාධිපති නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැරිමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ලැබුනා කියා සතුටු වෙන්න එපා. අන්තරේ කියාවි මචං භයවෙන්න එපා ඇපලබුනා නේ . උන්ට අපිට විරුද්දව කරන්න පුළුවන් මගුලක් නැහැ කියලා. එත් කිසියම්දෙයකට පොලිස් රිපෝට් එකක් අවශ්‍ය උනොත් අන්න එතනදී තමයි කැරට්ටුව එළිවෙන්නේ, කෙලවෙන්නේ. අන්න එතනදී අනුරගෙන්, සජිත්ගෙන් ලැබෙන චරිත සහතිකය කුනුකුඩේට දමන්න වෙනවා.
අරගලකරුවන් ද විරෝදතා කරුවන්ද? හැමපැත්තෙන්ම පීඩා විඩින මිනිස්සු අයුතු ජන රාශියක් වෙන්නෙ කොහොමද? මෙ යෙදුම මොන තරම් මානව හිමිකම් කඩවීමද?