
(ගයාන් සූරියආරච්චි)
ජීව අත්බෝම්බ දෙකක රුපියල් 60,000 කට අලෙවි කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනකු සහ එය මිලදී ගත් පුද්ගලයා ඊයේ (12) රාත්‍රි අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර යුද හමුදා කදවුරේ රාජකාරී කළ අවුරුදු 39 ත් 40 ත් අතර පසුවන කොප්‍රල්වරුන් දෙදෙනකු සහ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
යුද හමුදා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යුද හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් විකුණා තිබූ ජීව අත්බෝම්බ දෙක සමග එය මුදලට ලබාගත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම බෝම්බ විකුණන්න බැරිද? නැත්නම් ඒවා විකුණපු මිල වැඩියිද? ඒවාට පාලන මිලක් දැම්මා නම් ඉවරයි...