
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇත.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන බවට ප්‍රකාශ කර ඇති අතර දයාසිරි ජයසේකර මහතා සමග ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන බව දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවත් පක්ෂ මූලස්ථානය තියෙන්නේද තම කණ්ඩායම අතේ හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
ඉතිහාසයේ ලංකාව විනාශ කිරීමට පටන්ගත්තු පක්‍ෂය. බලය උදෙසාම ආගම වෙනස්කළ නායකයා ආරම්භ කළ පක්ෂය... ඕක අතුගෑවිලා යනවා.
අලියට අංශභාගය නැගිටගන්නවත් බැහැ .අත තුනකට කැඩිලා .පොහොට්ටුව දෙකට කැඩිලා කාටද ඉතින් චන්දෙ දෙන්නේ ?
දැන් ඉතින් ෆ්ලාස්ටරක් දාලා නම් හරියන්නේ නැහැ. තුවාලයක් නැත්නම් ඉක්මනින් වෑල්ඩින් කලොත් සමහර විට හරියාවි .නැත්නම් ඉතින් අත කපා ඉවත්කරන්න වෙනවා. ජාති ආගම් හා භාෂා භේද ඇතිකිරීමට අමතරව රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩාල කර රටේ විනාශයට මූලික හේතුවක් වුනු අතේ පක්ෂය නැතිවෙලා යනවා නම් රටට සෙතක් වේවි
අත තුනට කැඩෙයි, අත එකතු කිරීමට දේශීය වේද මහතෙකු සොයයි
ඕක තුනට නොවෙයි දහ තුනට කැඩුණත් අපිට කමක් නැහැ.
දෙයියෝ සාක්කි කිව්වලු