
(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල හේවාගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු හප්පා පලා යාමට උත්සාහ කළ මෝටර් රථයක් පොලිස් අණ නොතකා පලායාම නිසාවෙන් එම රථයට අද (10) දින අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කඩුවෙල පොලිසිය පවසයි.
පුද්ගලයකු රථයකින් හප්පා ඝාතනය කිරීමට සැරසෙන බවට පොලිසියට ලද තොරතුරක් මත කළ විශේෂ රථවාහන මෙහෙයුමකදී මෙම සිද්ධිය දුටු පොලීසිය පලා යන රථයට වෙඩි පහර එල්ල කර ඇත.
අදාළ මෝටර් රථයට පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවත් එහෙත් රථය පලා ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාලහාමිලාට හරියට ඕක තියාගන්න ටිකක් නවත්තන්න එපැයි, එහෙම නැත්තන් කාරෙකට මාංචු දාගෙන මොනවා හරි පෙන්නන්න තිබුණානේ. පව් අහිංසකයෝ...!
මේ අය නැවතත් ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුවකට යවන්න.
පොලිසියේ ඉන්නේ කවුද?