
(ගයාන් සූරිය ආරච්චි)
ග්‍රෑන්ඩ්පාස්, බබාපුල්ලි හංදිය අසල මාර්ග බාධක රාජකාරියේ සිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගෙ අණ නොතකා පලා ගිය නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ කාර් රථයකට වෙඩි තබා නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී කාර් රථය තුළ තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය දෙසට දමා ගැසීමට සැකකරුවන් සූදානම් වූ බවද පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් සුළු තුවාල ලැබූ සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් මෝටර් රථය කඩවත සූරිය පාලුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සමර පාල මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර රටට කෙලවෙනකල් බලන් ඉන්න සෙට් එක