(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යළිත් එවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, තවත් කුමන හෝ අඩුපාඩුවක් ඇතැයි සිතෙන්නේ නම් එතුමා සමඟ සාකච්ඡා කරන්නැයි කාදිනල් මැක්ලම් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ප්රහාරයන් නිසා විනාශ වූ කොච්චිකඬේ, කටුවාපිටිය දේවස්ථාන නාවික හමුදාව, යුද හමුදාව යොදවා මාස දෙකක් තුනක් ඇතුළත ප්‍රතිසංස්කරණය කළෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බව කී මහලේකම්වරයා ඒවා විවෘත කර ලකුණු දමාගැනීමට එතුමා කටයුතු නොකළ බවද සඳහන් කළේය.
ඒ ආකාරයෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයද යථා තත්ත්වයට පත්කරගෙන යමින් තිබෙන බව දයාසිරි ජයසේකර මහතා කීවේය.
සිදුවන කටයුතුවල අඩුපාඩුවක් ඇතැයි කාදිනල්තුමන්ට සිතෙන්නේ නම් කළ යුත්තේ ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කර විසඳාගැනීම මිස වේදිකා මත ඒ ගැන කතා කිරීම නොවන බව ද කී මන්ත්‍රීවරයා එසේ ගැටුම් ඇතිකරගැනීම හොඳ දෙයක් නොවන බව ද ප්‍රකාශ කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දළදා මාලිගවට කොටි ගහපු වෙලාවේ ඒව නැවත පිළිසකර කලේ ජනතාව ගෙ ආධාර වලින් විශේෂයෙන් බෞද්ධයන් . අපේ හාමුදුරුවරුන් ඒ කාලෙ ඔහෙම ආඩපාලි කීවෙ නෑ.
අඩු පාඩු! මිනිස්සු කීයක් මැරුණද මිනිහෝ! ලජ්ජා නැතුව කියන හැටි විතරක්.
අනේ එය පත් වූණ දවසේ ඉඳලම වුණේ අඩුපාඩු රටට. අපි ඉවසගෙන ඉන්න තව මාස කීපයකින් ගෙදර යන නිසා
2015 ජනපතිවරණයේදී සිරිසේන මහත්තය ඇවිදින විලාසයට සමාන කරමින් රඟදක්වා පෙන්වාදීපු මේ දිව දෙකේ හාදයා අද ඔහුගේ ප්‍රධාන හිතවතා.අපුරුයි නේද ජරාවට නිල මැස්සා ඇදෙන හැටි .
දැන් එතකොට ඔබට රනිල් සමග පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් ප්‍රශ්න ඇතිකරගන්නත් ඒවා වේදිකාවල මහා හයියෙන් ජනතාවට කියන්නත් අවුලක් නැහැ . ඒවා පුළුවන් . කාදිනල් තුමාට තමන්ගේ ජනතාවට වෙච්ච මහා භයානක අසධාරණේ වෙනුවෙන් ජනපති එක්ක ප්‍රශ්න ඇතිකරගන්න හොඳ නැහැ . හරිනම් ඔය පල්ලි හදන්න ඕන හමුදාවෙන් නෙමෙයි . ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔයාල ටික එකතුවෙලා සිමෙන්ති අනල හදල දෙන්න ඕන .සියල්ල දැනගෙන රට ආරාජික වෙන බව දැන දැන නිහඬව සිට මෙය වෙන්න ඉඩ සැලසුවාට .
අති ගරු කාදිනල්තුමනි සමාවන්න. ඔබතුමන් අප්‍රේල් 21 ඉවසුවා සේම තව දුරටත් ඉවසනවානම් යහපති. මා බෞද්ධයෙක් උනත් නිතරම නැති උනත් දේවස්ථානවලට යන කෙනෙකි. බොහෝ ඉවසීමකින් කටයුතු කරන ඔබතුමන්ලා ඉක්මනින් තීරණ ගැනීම කලොත් මහත් විනාශයක් විය හැකියි. විටෙක අපේ ඉවසිමේත් සීමාවක් තියනවා කියමන මෙතැනදී මට සිහිවේ. එහෙත් තව ටිකක් ඉවසුවොත් අපට සියල්ල ජයගත හැකිවේවි. සමාවෙන්න මගේ අදහස් දැක්වීමට.
අතිගරු මැල්කම් රංජිත් උත්මාණෝ නගන ප්‍රධාන චෝදනාව වී ඇත්තේ සිද්ධිය වී මාස 3 ගත වී ඇතත් සිධිය පිලිබඳ කරන ලද පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳව උන්වහන්සේව දැනුවත් කර නොමැති බවයි. සැබවින්ම උන්වහන්සේ පමණක් නොව ලංකාවේ සියලුම ආගමික නායක කාරකාදීන් දැනුවත් නොකිරීම අදාළ බලධාරීන් විසින් මොනයම් ක්‍රමයකින් හෝ ඉටු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවාසී ජනතාව තුළ වුවද මතුවී ඇත්තේ බලවත් කුකුසකි. මෙයට සාධනීය ලෙස පිළිතුරු බැඳීම ප්‍රමාද කිරීමෙන් වැලකී සිටීම නුවණට හුරු නොවන බව පාසල් සිසුවන්ගේ ටිකිරි මොළ වලට වුවද ස්පර්ශ වන්නකි.
සාකච්ඡා කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ.
මොනවා තවත් කතාකරන්නද දේශපාලන පාට කන්නාඩි ගලවලා බලන ඕන කෙනෙකුට ඇත්ත පේනවා නෙව !