IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්

(සුජිත් හේවාජුලිගේ)

රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට  ලිපියක් යවමින් දැනුම් දුන්නේය.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම මහතා පැවසීය.

නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවද ඔහු පෙන්වා දුන්නේය.

සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිතා කරන බවද පෙන්වා දෙයි.

දැනට වෙළඳපොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතු බව උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (9)

අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්

Ama Tuesday, 24 December 2024 07:33 AM

බියර් නිෂ්පාදනය සඳහා සහල් භාවිතාව තහනම් කර නියම බියර් මල් වලින් නිෂ්පාදනය කිරීමට බලකළ යුතුයි.

:       5       13

Lalla Saturday, 28 December 2024 03:14 PM

වී වවන්නේ බත් කන්නම කියලා නීතියක් තියෙනවද? කර්මාන්ත සඳහාත් වී ගොවිතැන දායක වීම ගැන සතුටු විය යුතුයි. අනික ගොවීන්ට ආදායම ගැන සහතිකයක් නේද? ළිං මැඩියෝ වගේ හැම දෙයක්ම දැකීම නවත්තන්න කාලය...

:       2       9

Vipula Tuesday, 24 December 2024 09:25 AM

නිතීවිරෝධි විෂ මත්පැන් බීම අවම කිරිමට මෙමඟින් හැකියාව ඇත

:       4       39

Lalla Tuesday, 24 December 2024 11:45 AM

දැනට පවතින සුරා බද්ද අරක්කු බෝතලයේ මිලෙන් 85%ක් පමණ බව ඇත්තද? එසේ නම් අඩුමිලට දීමට ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නොකර සහ බදු අඩු නොකර බෑ නේද?

:       1       13

වීරමුණි Tuesday, 24 December 2024 01:13 PM

ඔය මොකුත් නැහැනේ මිනිස්සුන්ට කස්සිපු වල තියෙන විෂ පෙරලා ඉවත් කරගෙන බොන්න ෆිල්ටරයක් හදලා දුන්නනම්. මත්පැන් කොහොමත් ශරීරය ට අහිතකර ය්. නොබී ඉන්න එක තමයි හොඳ.

:       3       12

ලංකෙශ්වරWednesday, 25 December 2024 06:51 AM

එහෙම ෆිල්ටර් කරලා වීසා අයින් කරන්න බැහැ. ඒක කරන්න ඕනෑ ආසවනය මගින්මයි. දෙවරක් පෙරන ලද කිවුවාට එක පෙරීමක් (ෆිල්ටර් කිරිමක් නෙවෙයි වෙන්නේ) ආසවනය කිරිමක් (ඩිස්ටරිල්)... ඉතින් බලන්නකෝ අපේ මිනිස්සු කොයිතරම් මෝඩද? අතාර්කිකද? කොහොම හරි පෙරාගන්නම්... අපිට බොන්න දෙන්න කියලා ඉල්ලන කැත.. අනේ අපේ ජාතියට කුමන කලක් යයිද?

:       0       3

මාලිගාවත්තෙ අජා Wednesday, 25 December 2024 01:42 PM

වැඩියෙන්ම /දිනපතාම කරටි කැඩෙන්න ගහන එකා බේබද්දා... එයාගෙන් රජයට ඔටෝමැටික් බදු එනවා මොකද මිනිස්සූ කියන්නේත් බේබද්දා කියලානේ. අරක්කු බොන කෙනාගේ මනුස්සකමක් තියනවා නොබොන වෙලාවට...!

:       0       0

Tharanga Wednesday, 25 December 2024 03:58 PM

බොන කෙනා බොයි... නොබොන එකා නොබොයි... බිව්වත්, නොබිව්වත් එක එකා මැරෙන දවසට මැරෙනවා.

:       1       1

නිශාන් Thursday, 26 December 2024 01:35 AM

ඇල්කොහොල් මීටරයක් මිනිස්සුන්ට ලබාදිය යුතුයි. මාස්පතා ගෙවීමේ ක්‍රමයට...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 29 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 193 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 367 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 3597 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 296 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1492 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 648 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site