IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අඩු කළ මිලට තෙල් නෑ

(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි.

ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති බවට දැන්වීම් පළ කර තිබූ අතර තවත් මධ්‍යස්ථාන රැසක පෙට්‍රල් ඉන්ධන පෙර තිබූ මිලට අලෙවි කළේය

තම සමාගම් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පිරවුම්හල් සේවකයන්ගෙන් දැනගන්නට ලැබිණි.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් එම ස්ථානවලින් පෙර පැවති මිලට තෙල් ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

 



අදහස් (8)

අඩු කළ මිලට තෙල් නෑ

Aslam Tuesday, 01 April 2025 08:33 AM

මිල වැඩි කළා නම් පෙට්‍රල් පොම්පවලට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ තත්ත්වය මේකයි.

:       11       15

nimal Tuesday, 01 April 2025 08:50 AM

මේ පින්වත් මහත්තුරු වැඩි උනාම පරණ තෙල් ටික අඩු ගාණටම දෙනවා ඇති නේද?

:       9       12

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 09:11 AM

ඕක තමයි ස්වභාවය, අඩු උනහම ඒ පාඩුව සතයක් උනත් දරාගන්න සූදානම් නැති ෂෙඩ් කාරයො පහුගිය දවස්වල කොමිස් ඉල්ලල ස්ට්‍රයික් කල එක සාධාරණද කියල සියලුම ජනතාව හිතන්න. නැවතත් ඔය වගේ වැඩ වලට කිසිම සහයක් දෙන්න එපා,

:       18       12

Rashmi Tuesday, 01 April 2025 09:14 AM

අපි නම් එහෙම තෙල් නැති ප්‍රශ්ණයක් දැක්කෙ නෑ. ගොඩක් ශෙඩ්වල කිසි පෝලිමක් තිබ්බෙත් නෑ. මට නම් හිතෙන්නේ මේ වගේ ප්‍රවෘත්ති මිනිස්සු අතර අනවශ්‍ය කළබලයක් ඇති කරන්න කරන්න කරන දේවල් වගේ. දැන් මාසෙකට හමාරකට කලිනුත් ඔය වගේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙලා මිනිස්සු නිකාන් තෙල් පෝලිම්වල පැය ගණන් රස්තියාදු උනා.

:       13       9

Perera Tuesday, 01 April 2025 09:48 AM

බොහෝ රටවල් වල ඉන්ධන මිල දවසින් දවස, මොහොතින් මොහොතට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉන්ධන මිල වැඩි කළාම සුටුස් ගාලා ශෙඩ් කාරයෝන්ට වැඩි කරන්න පුළුවන් නම්, ඉන්ධන මිල අඩු වුණාම සුටුස් ගාලා අඩු කරන්න බෑ ඇයි?

:       7       6

Duminda Udayakumara Tuesday, 01 April 2025 01:08 PM

බොරු .තෙල් තියනවා

:       4       6

Gemunu Tuesday, 01 April 2025 01:12 PM

ඔහොම යමු

:       4       2

Sasanka Tuesday, 01 April 2025 03:23 PM

අඩුවට ගන්න කොට ඔහොම වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site