
(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 6 1,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි. නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.
ඒ අනුව අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය, සර්වෝදය සමාජ සුබසාදන කටයුතු කරනා ආයතනයක් නිසාත් කණ්ඩායමක් සිටින නිසාත් සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන සර්වෝදය යටතේ දියත් කිරීමට හැකියාව තිබේ. යුදහමුදා සහය අදාළ ප්‍රදේශ වෙත ප්‍රවාහනය /බෙදාහැරීම් කටයුතු සදහා යොදවා ගත හැකිය
අපිට දන්සැල් එපා...! දැන්වත් මේ රට දැහැමි පාලනයකට ඉඩදීලා විශ්‍රාම යන්න.!
කලිසම බැඳපන් .නාකි කලිසමා
කම්මැලියන් නගා සිටුවීමේ හා මැතිවරණය ඉලක්ක කල උප්පරවැට්ටියක් කියලා කියන්න පුළුවන් .නැත්නම් සමුර්ධි දෙන්නෙ මොකටද .මම දන්න ලොකු ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඉහළ රැකියා කරන අවිවාහක දරුවො ඉන්නවා .ඒත් පසුගිය කාලයේ රුපියල් 5000/=ලැබුනා .තේ හා රබර් වතුපිටි තියෙන අයට සමුර්ධි දෙනවා. ඒ මදිවට හාලුත් දෙනවා .රජයෙන් ලැබෙන සියලු පහසුකම් ඔවුන්ට දෙනවා .උදාහරණයක් ලෙසට තමන්ගෙ ප්‍රාඩෝ රථයෙන් ගොස් ශිෂ්‍යාධාර ගන්නවා. මෙහෙම කරලනම් රටට ගොඩ ඒමක් නැහැ. ඇත්තටම ලංකාවට NPP රජයක්ම එන්න ඕන
ඡන්ද අල්ලසකට නැවතත් මෝඩ ජනතාව යටත් කර ගැනීම. මෙය පරාජය කල යුතුය. සහල් කිලෝ විස්සකට ආත්මය පාවාදීම???? කවුරු කලත් රනිල්ට මෙවැන්නක් කල හැකිද?
ඔව් ඔව්.. තමුසෙත් යනව එ පොලිමට.. හෙට අනිද්ද වෙද්දි තමුසෙටත් දුවන්න වෙනවනෙ ඔය පින පොස්ට් එක දාලා..
ජනතාවෙනි දෙන සහනාධාර සියල්ලක්ම ගන්න.රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකරලා නැති කරලදාපු මූටයි, මූගේ වටේ ඉන්න කාලකන්නින්ටයි,රාජපක්ෂ කාලකන්නින්ටයි විතරක් මැතිවරණයේදී කතිරේ ගහලා රටේ අනාගතය විනාශ කරන්න එපා.ඔබලාගේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා.මුන් දැනටමත් රටේ හිරිමල් වයසේ සිටින තරුණ ප්‍රජාවගේ අනාගතය විනාශ කරලා ඉවරයි.
නන්දසේනගේ වටේ හිටපු අයමයි තාම ඉන්නේ .මුන් එකතුවෙලා රට කෑවා කාලකන්නි
සහල් බෙදාදීමේදී, මොනම හේතුවකට හෝ මුදල් අයකළ හැකිද?
අපිත් ගොඩක් දුප්පත් පවුලක්. මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. අම්මාට ලෙඩ ගොඩාක් තියෙනවා... මට අවුරුදු දෙකයි, මාස 04ක දරුවෙක් ඉන්නවා. මම අම්මා, තාත්තා ළඟ මම ඉන්නේ මහත්තයා සලකන්නේ නැති නිසා කලින් පොරොත්තු ලේඛනයේ හිටියා. අම්මා ඒත් අද කෝල් කරලා ග්‍රාමසේවක වසමේ මිස්ගෙන් ඇහුවාම අපේ අම්මාගේ නම නැතිලු... එතකොට අනික් හැම කෙනාගේම නම් තියෙන්නේ අස්වැසුම ගන්න අයගේ පොරොත්තු ලේඛනය නම තියෙන අයගේ නැති අයගේ නම් තියෙනවා. එතකොට මගේ අම්මගේ නම නැතිලු... ඒක හරි අසාධාරණයි නේද? අපි සල්ලි තියෙන අය නෙවෙයි. ග්‍රාමසේවක මිස් මගේ අම්මාගේ නම ඉවත් කරලද? පොඩ්ඩක් මේ ගැන සොයා බලන්න.. හේතුව හොඳට සල්ලි තියෙන අයට තියෙනවා.. අපිට සල්ලි නැති නිසා නමත් නැහැ... අපේ ගමේ හැමෝටම තියෙනවා පොරොත්තු ලේඛනයේ නම කලින් තිබුණු අයට නැති හැමෝටම තියෙනවා... අපිට නැහැ..