(සුජිත් හේවාජුලිගේ )
ලබන දෙසැම්බර් මස 8 වෙනිදා අයවැය ලේඛනය පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්
අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද ඒ ආකාරයටම කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් එසේ වුවහොත් අයවැය පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බල කෙරෙන අවස්ථාවක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර මෙන්ම තම පවුල්වල පවුල්වල සාමාජිකයන්ට සහ හිතවතුන්ට ආණ්ඩුකාර ධූර ලබා ගැනීමට මේ දිනවල අරගල කරමින් සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයිද ඔහු කීවේය.
ආණ්ඩුවට දැනට ඇත්තේ මන්ත්‍රීවරුන් 8ත් 12ත් අතර බහුතරයක් පමණක් බව පැවසූ චන්න ජයසුමන මහතා ආණ්ඩුවේ සුළු කොටසක් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත් නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවද ප්‍රකාශ කළේය.
මේ අතර ආර්ථිකමය වශයෙන් ප්‍රබල වම පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව, රජයේ සහ පෞද්ගලික සේවකයන් ඇතුළු ජන කොටස් අමතක කර කොටසකට පමණක් මෙවර අයවැය ලේඛනයෙන් සහන සැලසුව හොත් සහ ආර්ථිකයේ යහපත් දිශානතියක් නොපෙන්වා සිටියහොත් එම ලේඛනයට කිසිසේත්ම සහාය නොදෙන බව
ඔහු වැඩිදුරටත් පැවසීය.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ කොළඹදීද ඊයේ(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝක් වැඩක්... එතකොට අපිට පුළුවන්වෙයි හොරු, කසිප්පුකාරයින්, මාලකඩපු අය..., කොමිස්ගහපු අය, කැලෑපාලුවන් ටික හා අනිකුත් දූෂිතයින් ටික සමග හෙංචයියලා ටිකට සමාදානයෙන් සැතපේවා කියන්න.
එහෙම වෙයිද කියලා කවුද දන්නේ? අලියගේ නැට්ටේ එල්ලිලා හිටපු දේශපාලුවන් ටිකත් අලියා පිටේ නැගලා යන්නයි ලෑස්තිය...
ඇමැතිකම් ටිකක් දෙන්නම් කිව්වා නම් 2/3 නෙවෙයි 3/3 ගන්න පුළුවන්...
කවදාවත් වෙන්නේ නැහැ. අවුරුදු 5ක් ඉන්න ඕනෑ නිසා විශ්‍රාම වැටුප ගන්න. මහ ලොකු දේශමාමක අයනේ ඉන්නේ...!
ඔය මිලියන 10ක් 15ක් ගානේ දුන්නාම ආණ්ඩුව වැටෙන්නේ නැති විදිහට කවුරු කවුරුත් මුක්කු ගහවි...
දෙය්යන්ගේ නාමයෙන් එහෙමවත් වෙනවා නම්...!
අවශ්‍යතාවය රජය බිඳදැමීම නම් එය කරන්න. පාර්ලිමේන්තුවේ ඔක්කොම එළවලා අරගලකරුවන්ගේ/ජවිපයේ ආණ්ඩුවක් හදමු...!!
ලාංකීය කලුකුරුල්ලා බලවත් ඔක්කොම අහුවෙනවා. ජනතාවගේ මුදල් සහ අහුලගෙන කන කෑම ටිකක් මන්ත්‍රීවරුන්ට බෙදනවා. ඔක්කොම දිනනවා... අයවැය දිනනවා. මීළඟ පියවර ඉදිරි ඡන්දයකදී සංවිධානය වී ආසන ටිකක් ලබාගෙන සංධානයක් සාදා බලය ගැනීමට රනිල්ද එකතුවනු ඇත. ඔන්න ඕකයි තත්වේ...!
මේවා කතන්දර පමණයි. කෂේරුවක් තියනවා නම් කරන්න තියෙන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ඔහුව ඉවත් කරන්න. වර්ථමාන පාර්ලිමේන්තුවේ එහෙම දේශප්‍රේමීන් නැහැ. බහුතරය අසමජ්ජාති, කාලකණ්ණි, අමන, තකතීරු දේශපාලකයින් ඉන්නේ. හැමදාම බයිලා කිය කියා ඉන්න අමන අපතයන් රැලක්...!
කටුකන මන්ත්‍රී සෙට් එකක් ඉන්නකන් ඔහොම වෙන්න ඉඩ නැහැ...
හොර ආචාරියා.. දෙවියන්ගෙන් උපදෙස් අරන් රටම විනාශකළා. මේ අයව හිරේ දාන්න ඕනෑ රටට කරපු දේට...!
බල්ලා මරන්න මැක්කෝ සෙට් එක කැමැති නැහැ.. අපිට තව අවුරුද් 2-3 දුක විඳගෙන ඉන්න වෙනවා..
වට්ටන්න නෙමෙයි ගහලා පන්නන්න ඕනෑ...
අප්සෙට් නම් තමයි ඒත් මේ විදියෙන් හරි රට ඩිංගිත්තක් විතර ගොඩට ගත්තේ මෙයාලනේ... අනික, ලෝකය පුරා රට රටවල ඇවිදලා ඒ වැඩ කරන්නත් හොඳ පෞරුෂත්වයක් තියෙන්නත් ඕනෑනේ. ඒ හපන්කම කරන්න කවුරුත් ඉස්සරහට ආවේ නැහැ ඇරයුම් දීලත්...
මොකක්?වැටෙයි ?එතකොට තවම වැටිලා නැද්ද/එහෙනම් මොකෝ අර වයසක මනුස්සයාව කර ගහගෙන "නැගිටිමු නැගිටිමු "කිය කියා ගමින් ගමට යන්නේ ?එතකොට ඒ ගොබිලෝ ආණ්ඩුවේ උන් නෙමෙයිද ?