(ළහිරු හර්ෂණ)
පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද(02) කොළඹ පිහිටි ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නිලධාරිනිය තානාපති කාර්යාලය තුළ සඟවාගෙන සිටින බවත් මේ නිසා පොලිස් පරීක්ෂණවලට සහාය ලබාදීමට තානාපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
පැහැර ගැනීමට ලක්වූ බවට සිදුකරක ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වෙමින් තිබෙන බවත් මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ අපකීර්තියකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී අපත් ඔබ සමගයි රණවිරුවාණෙනි, ඊනියා බටහිරයන්ට වුවමනා පරිදි රට හසුරුවන්නට ඉඩ නොදිය යුතුයි..!
මේවගේ මිනිස්සු තමයි මේ රට විනාශය කරා ගෙනයන්නේ. සිංහලයන් මෝඩයින්ට අන්දවලා ඡන්දය දිනලා රටම විනාශ කරන මේ වගේ අයට ස්වභාව ධර්මයෙන් හරි පඩිසන් දෙන්න.
ලෝකේ ඉදිරියේ අපේ රට හෑල්ලු වෙන්නේ මේ වගේ විහිළු නිසා නීතිමය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා විසඳන්න පොලිසිය ඉන්නවා. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විසඳන්න ඊට අදාළ උදවිය ඉන්නවා. මෙයාට රට වෙනුවෙන් ඇත්තටම යමක් කරන්න ඕනෑ නම් කරන්න කොච්චර වැඩ තියෙනවද?
ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුලේ නොවන බව මේ පුද්ගලයාට කවුරුන් විසින් හෝ කියා දිය යුතුයි. යම් දවසක මේ කරන ක්‍රියා පාරා වළල්ලක් විය හැකිය. එසේ දවසට අපනයන සැකසුම් කලාපවල සේවය කරන දහසක් තරුණ තරුණියන්ගේ රැකියා අනතුරේ...
මොකද බන් මේ...? හැම මගුලටම මෙයා ඉන්නවා.
මහබැංකු කඩපු එකට පාර්ලිමේන්තුව ඉස්සරහ ඉඳ ගත්තා නම් හොඳ නැද්ද?
ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගෙන වගේ...
මේ වගේ මෝඩ වැඩවලින් හරියන්නේ නැහැ. එම්බසියේ එක්කෙනෙක් එලෙව්වා නම් හරිනේ. මේකත් හරියට UN රිපෝර්ට් එකේ වගේ. පැමිණිලිකාරයන් හංගලා. ඒ අයම කියලා ඒ අයම හැංගෙනවා.
උපවාසකර නොකා ඉන්න පුරුදුවෙන එක හොඳයි. ජනාධිපතිවරණ සමයේදී සමහර කථිකයන් ප්‍රකාශ කළා. දිළිඳුකම නිසා කොටසක් දිනකට ගන්නේ එක ආහාර වේලක් පමණයි කියා. මෙයාට අවස්ථාව දෙන්න ඕනෑ ආහාර නොගෙන කෙනෙකුට කොපමණ කාලයක් ජීවත්විය හැකිද කියා පෙන්වන්න.
අදාල කාන්තාව රහස් පොලිසියට බාර නොදී ඉන්න අපි බලපෑම් කරමු.
තැඹිලි වතුර ගහලා එලවන්න ඕනෑ..
අපව ලෝකය හමුවේ අපකීර්තියට පත් නොකර වහාම තානාපති කාර්යාලය හරි හා නිවැරදි පිළිතුරක් දෙන්න. මෙය අපිට විශාල ගැටළුවක්... මොකද මුළු ලෝකයම අපි දිහා නෙත් යොමාගෙන ඉන්නේ...
ඉඳගෙන වැඩිවෙලාවක් ඉන්න එකනම් මොළේට හොඳ නැහැ නේද?
කාලකණ්ණි වැඩමයි වෙන්නේ... ඇමෙරිකාවටම යන්න.. ඒක රටට සෙතක්...
මේ මනුස්සයා ගෝඨාභය මහත්තයාවත්, ලංකාවත් දෙකම කනවනේ...
ලැජ්ජාවේ බෑ...
මට වෙලාවකට හිතෙනවා, මේ අජිත් ප්රසන්නමද "බමුණුආරච්චි" කියලා මේකෙ අදහස් දක්වන්නේ කියලා. නෝන්ඩි කතාමයිනේ කියන්නේ...
ශ්‍රී ලංකාව මේ වැඩෙන් අපකීර්තියට පත්වෙලා ඉවරයි. ආයේ වෙන්න දෙයක් නැහැ. පොලිස් පරීක්ෂණ පටන් ගනත් ඉස්සෙල්ලා මේක බොරුවක් කියලා ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන් සහ පුද්ගලයන් කියන්න පටන් ගත්තා. දැන් කවුද ඔය ස්විස් එම්බසිය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණයක් කරන්න කිව්වේ? ගෝඨාභයද? පොහොට්ටුවද? පොලිසියද? තවත් රටේ නම විනාශ කරන්නේ නැතුව ගෙදර යන්න. ඔහොම සිද්ධියක් වෙලා නැත්නම් ඒක පොලිසිය ඔප්පු කරයි. දැනට විදේශ අමාත්‍යංශය කියලා තියෙන්නේ මේ සිද්ධිය හා සම්බන්ධ කාල පරාසයේ වෙනසක් තියෙනවා කියලා මිසක් සිද්ධියක් වෙලා නැහැ කියලා නෙමෙයි. පොලිසියටයි විදේශ අමාත්‍යංශයටයි කරන්න තියෙන රාජකාරි අජිත් කරන්න යන්නේ මොකටද? අනිත් අතට අජිත් මේ කියන දේ වැරදියි. මේ පැමිණිල්ල වෙනුවෙන් එම්බසිය වගකියන නිසා වින්දිතයා ඉදිරිපත් නොකර ඉන්න එම්බසියට අයිතියක් තියෙනවා. ඔහොම බල කරන්න බැහැ. එම්බසි වලට අදාළ වෙන්නේ වියානා ගිවිසුම මිසක් අපේ රටේ පොලිස් නීති නෙමෙයි. අනිත් එක ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්, පුද්ගලයන්, සංවිධාන කරන මේ අනවශ්‍ය බල කිරීම් හොඳටම ඇති. එම්බසියට වින්දිතයාව අඳුනා ගන්න ඉඩ නොදී ඉන්න. බල්ලාගේ වැඩේ බූරුවා කරන එක ජාතික ලක්ෂණයක් වෙලා..
මේ පුද්ගලයා මහින්දගේ පස්සෙන්ම හිටියේ... මොකක හරි මොකකහරි තනතුරක් ගන්න තමයි මේකත් කරන්නේ...
(ඉන්දිකා රාමනායක) ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු ස්විස් තානාපති කාර්යාලය විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් සීසීටීවී කොට්ඨාශයේ සහාය ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ. මෙම නිලධාරිනිය පැහැරගත් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අය බවට තනාපති කාර්යාලයේ නිලධාරිනියට දැනුම් දී ඇතැත් පරීක්ෂණ නොමග යැවීම සඳහා සැකකරුවන් ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඇති බවට පවසන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අලුත් ආණ්ඩුව අාවා විතරයි හරියට බළල් මල්ල ලිහලා වගේ බළල්ලු හැමතැනම ඒ මේ අත දුවනවා හරියට පිස්සන් කොටුවට බෝම්බ ගහලා එහෙ මෙහෙ දුවනවා වගේ !