
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.
24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.
ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණි බිරිය සහ දරුවා නිවසේ නොසිටි බවට ඔහු පොලිසියට පැමිණිලි කළේය.
ඝාතනය ලක් වූ කත පාවිච්චි කළ ඇගේ තුවාය ද ඇයගේ සිරුර මත තිබූ බව පොලිසිය පවසයි. මවගේ උදරය ප්‍රදේශය කබරයි විසින් කා දා ඇති අතර ඇගේ දියණියගේ සිරුර මවගේ සිරුර තිබූ ස්ථානයේ සිට මදක් දුරට වන්නට තිබියදි සොයාගෙන ඇත. ඇගේ මුහුණ ප්‍රදේශයට කබරයි විසින් හානි කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගත් සැමියාගේ ළඟම ඥාතියා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහල අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් ව ඇතැයි පොලිසිය කියයි. ඔහු සොයා මේ වන විට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය භාරයට ගත්තනම් කොහොමද ප්‍රදේශයෙන් අතුරුදහන් වුනේ..
පොලිස් බාරයට ගත්තනම් අතුරුදහන් වෙන්නේ කොහොමද ?
පොලිස් භාරයටගත් පුද්ගලයෙක් ප්‍රදේශයෙන් අතුරුදන් වෙන්නේ කොහොමද?? කොහොම උනත් කමක් නෑ කොයි ලෝකෙන් හරි හොයාගෙන දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙන්න.
සිංහල බෞද්ධ, 2600ක සංස්කෘතිය තියෙන රටක් ලු.
අමු තිරිසනුන් ඉන්න මහ කාලකන්නි රටක්
අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන ධර්මධ්දීපය කියල කියන්නේ, කට කහනවට නෙවෙයිනේ....?
අතිගරු අහවලා ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි
පන්සලකට පල්ලියකට තනිපංගලමේ කොල්ලෙක්ට වත් යන්න බැරි ලංකාවේ ඉන් එහාට කවර කතාද…? මේ සමාජ පරිහානියට ඍජුම හේතුව පූජ්‍ය පක්ෂය සහ දේශපාලන පක්ෂ සන්ධානගත වීමයි. ඉන්පසු කලේ ජනතාව ගොනාට ඇන්දවීමයි.
මේ වෙනස ආරම්භ කළේ 1990 මුල මාධ්‍ය ආයතනයක්. ඒ කාලේ ඒ ගැන අනතුරු ඇඟවූ අයට ලිඳේ ගෙම්බන් බවට පත් වුණා. දූපත් මානසිකත්වය කිව්වා...
56 පංච මහා බලවේගය... සිට සංඝයා වහන්සේලා දේශපාලනයට ගෙනාවා... එතැන් සිට තමයි විනාශය කරා ගියේ...
ශ්රී ලංකාවේ ගැහැණිය සහ දරුවන් රැකගැනීමට නොහැකි පිරිමින් ඉන්නා බෞද්ධ රටකි. කාන්තාව සහ දරුවන් රැකගත නොහැකි රටකට අනාගතයක් නැත...
පින් ජනපතියා ථේරවාදී බුද්ධ ධර්මය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා රට හදන්නයි හිතාගෙන ඉන්නේ...!
දැනට වසර 30කට විතර උඩදී සෝමාලියාව, උගන්ඩාව සහ මොසැම්බික් වගේ රටවලුත් මේ විදියට රටේ නීතියක් ධර්මයක් තිබුණේ නැහැ. ඔවුන් අදටත් එම පාලකයින් නිසා අන්ත දුක් විඳිනවා...