(නිමල කොඩිතුවක්කු)
රජයේ මුදල් භාවිතයේ දී දක්වන ලද ප්රශස්තභාවය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රජයේ විශේෂ වැයකිරීම් ඒකකය යටතේ වන ආයතන 838 ක් අතරින් අග්‍රාමාත්‍ය කාර්යාලයට මුල් තැන හිමිව තිබේ.
ලකුණු සීයෙන් සීයක් ලබාගෙන අග්‍රාමාත්‍ය කාර්යාලය මෙහි ප්‍රථම ස්ථානයටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව දෙවන ස්ථානයටත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි ස්ථානයටත් පත්ව තිබේ.
රජයේ විශේෂ වියදම් ඒකක වන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා, පළාත් පාලන ආයතන මෙම ඇගයීමට ලක්ව ඇති අතර ඉන් ආයතන 109 ක් විශේෂ ඇගයීමට භාජනය වී තිබේ.
අමාත්‍යාංශ අතරින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තු අතරින් මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතරින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් මෙහි මුල්තැනට පත්ව තිබේ.
මෙම ආයතන සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරි සතියේදී සම්මාන පිරිනැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු එදාටවත් දෙන්නට දෙන්නා මූණ බල ගෙන කතා කරයි ද කියල.
මේ වගේ විහිළු කතා අහන්න තියෙන්නෙ තව මාස කීපයක් විතරයි කියල මතක් වෙනකොට හරිම දුකයි.
අහ්හා ... හොදට වියදම් කරලද ?? අපේ බදු සල්ලි ??? පව් ...මොනවට ද දන්නේ නැහැ වියදම් කලේ ....
අවංකවම මෙය සිදුවී ඇතිනම් අප එය ඉතා ඉහලින්ම අගය කරන්නෙමු. අනිකුත් රජයේ ආයතනවලටත් මෙසේ සිදුකිරීමට නොහැක්කේ මන්ද ??? එමගින් හොරුන් හොදින් හදුනාගත හැකි නොවේද ? එසේ හදුනා ගැනීමට හැකිනම්" තරාතිරම අදාළ නැත වහාම තනතුරුවලින් පහකර මහඋළු ගෙදරට එලවා දැමිය යුතු බව අපගේ අදහසයි.
හෝව් හෝව් කලබල වෙන්න එපා මේ කියන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය ගැන මිසක් අග්‍රාමාත්‍යවරයා ගැන එහෙම නෙමෙයි ඕo.
අර දුෂණය වංචාව ගැන මහා ඉහලින් කතා කරපු එක්කෙනාගේ කාර්යාලය කීවෙනි තැනද ඉන්නේ?
ජනපති කාර්යාලවලට වැඩිය නම් හොඳ ඇති. හොඳ දේ හොඳයි.