(නිමල කොඩිතුවක්කු)
රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ.
තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වැදගත් බැවින් තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙසද අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලීමක් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘ආරංචියක් ගියා වෙඩි නොවදින රථයක් මට දුන්නා කියළා. එවැනි රථයක් මට දීලා තියෙනවා. අනිත් එක මට එහෙ මෙහේ යන්න එපා කියලත් කියලා තියෙනවා.
ආරක්ෂාව සදහා යොදවලා තියෙන අය ගෙනත් දෙන වාහනයකට මම නගිනවා. මම අහන්න යන්නේ නැහැ මෙකට වෙඩි වදිනවද නැද්ද කියළා. ආරක්ෂකයින් ලබා දෙන වාහනයකින් මම මගේ ගමන යනවා. වෙඩි නොවදින රථයක් මට ලබා දුන්නා කියන ආරංචිය ලැබුණු විගස මම එම රථය ප‍්‍රත්ක්ෂේප කරලා ඒක රැගෙන යන ලෙසට දැනුම් දුන්නා. දැන් ඒක යවලා තියෙනවා. ඒක ඉස්සරහට මම පාවිචචි කරන්නේ නැහැ.
කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීතුමා තමයි මේක අරන් දෙන්න ඕන කියලා තියෙන්නේ. මම එතුමාට කිවුවා මේක ආපහු රැගෙන යන්න කියලා. මට සාමාන්‍ය වාහනයක ගිහින් ආරක්ෂාව සපය ගන්න පුළුවන්. ඒ ආරක්ෂාව දෙවියන් වහන්සේ මට ලබලා දීලා තියෙනවා. ආරක්ෂාව නැතුව මොනව හරි හිරිහැරයක් කරදරයක් වුනොත් ඒකටත් මුහුණ දෙන්න මම සූදානම්.
ජනතාවගේ සහ රටේ ආරක්ෂාව තමයි මෙතනදි මට වඩා වැදගත් වෙන්නේ. මම කියන්නේ එක පුද්ගලයෙක් විතරයි. මුළු ලංකාවේම ජනතාව ආරක්ෂා කිරීම වැදගත් වන නිසා තමයි මම එවැනි පියවරක් ගත්තේ’’ යැයිද අගරදගුරුතුමා එහිදී පැවැසීය.


(චතුර එස් කොඩිකාර -ඡායාරූප )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහන්න වටිනා නියම දේශප්‍රේමීන්
ඔබතුමා නම් නියමයි. ලොක්කන්ගේ ඇස් අරින්න උපරිමයෙන් කටයුතු කරන්න.....
ඉතාම ශ්‍රේෂ්ඨයි..... එකට අපේ ඇමතිලා, කෝටි ගණන් වටිනා වාහන ඉල්ලනවා ජනතාවට සේවය කරන්ඩ. ගොඩක් දෙනෙක් තමන්ට දෙන බලපත්‍රය විකුණගෙන කනවා!
මම බෞද්ධයෙක්..ඔබතුමා මුළු මහත් සිංහල ජාතියටම ආඩම්බරයක් ..පාරෙදී දුටුවත් මම ඔබ වහන්සේට වඳිනවා.ඒ සිංහල ජාතිය බේරා දීම වෙනුවෙන් .එදා බෝම්බ පුපුරද්දී රටේ අනිත් පැතිවල කලබලයක් ඇති වුනානම් මේ වෙනකොට රටේ භාගයක් මැරිලා මේ හම්බවෙන ආයුධ කන්දරාව දැක්කම ..ඒ තත්වය වැළැක්වූයේ ඔබතුමා.
කියන්න වචන නැහැ. නිවැරදිම තීරණය සහ දේශපාලුවන්ට නියම පාඩමක්!
උත්තමාචාරය....නමුත් ඔබ වහන්සේ මේ ලෝකෙට ගොඩාක් වටින උතුම් මනුස්සයෙක්.ඒ නිසා ඔබගේ ආගමට අනුව දේවාශිර්වාදය රැකවරණය ලැබේවා!
ඔබේ තීරණය විශිෂ්ටයි පියතුමනි
හුදු වචන වලට වඩා තම ක්‍රියාවෙන් උතුම් බව ප්‍රකට කල අගරදගුරුතුමන්ට අපගේ ගෞරවනීය උත්තමාචාරය.
ඔබ වහන්සේ පුදුම විදිහට ජනතාවට ආදරය කරන කෙනෙක් ඔබ වහන්සේට ජේසු පිහිටි
ඔබ වහන්සේට මොනවා ලිවයන්නද කියලා මට තේරෙන්නේ නෑ... කාදිනල් තුමනි..... නමුත් මට එක් දෙයක් කිව හැකියි.... දවසක ඔබ වහන්සේ මේ ලොවට අති උත්තම පාප් වහන්සේ වෙනවා මයි..... ඒක ඉර හද වගේ විශ්වාසයි.....
ඔබවහන්සේ ගත්ත තීරණය ඉතා නිවැරදියි. නමුත් ඔබවහන්සේ වැනි අති ශ්‍රේෂ්ඨ උතුම් ජාතික වස්තුවක් ආරක්ෂා කිරීම අප කාගේත් වගකීමයි. කෙලින් අවංකව නිර්භයව කථා කරන, ජාති මාමක ඔබවහන්සේට ජාතියම නමස්කාර කරනවා. ඔබවහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂාවද, මා බෞද්ධයකු හැටියට ත්‍රිවිධ රත්නත්තයේ පිහිට ආරක්ෂාවද පතමි. කරුණාකර ඔබ වහන්සේ යන එන ගමන් බිමන් ඉතා ආරක්ෂාකාරීව කිරීමට දෙපා නමද ඉල්ලමි. අප සියලු දෙනා ඔබ වහන්සේ සමගයි
ඔබේ තුමා රටක් වටිනා පුද්ගලයක්. වැඩි ආරක්ෂාවට වෙඩි නොවදින වාහනයක් පාවිචි කිරීමේ වරදක් නැත. ජනතාවත් මේකට කැමතියි.
මොන තරම් උදාර ආගමික නායකයෙක්ද? සැබෑ මානව හිතවාදියෙක්. සියල්ලෝම ආදර්ශයට ගනිත්වා.
නියම කාදිනල්වරු
ඇත්තෙන්ම ඔබ වහන්සේගේ අගනා ක්‍රියාවෙන්ම එදිනෙදා ජිවිතේ ගත කරන අහිංසක මිනිසුන්ගේ අපහසුව තේරුම්ගත් වැදගත් ආගමික නායකයෙකි. ඔබවහන්සේගේ තීරණය අප හදවතින්ම අගය කරන්නෙමු. එමෙන්ම ඔබ වහන්සේ "නිවට දේශපාලුවන් 225 ටම හතරගාතේ වැටෙන්නම " දී ඇත.
මම බෞද්ධයෙක්. ඔබතුමාගේ අදහස වැටහේ. නමුත් පිරිනැමූ රථය ආරක්ෂාවේ අවශයතාව නිසා පාවිච්චි කලානම් හොඳයැයි සිතේ.
ඔබ තුමා අප රටවෙනුවන් කරන කාර්යභාරයට අපගේ ප්‍රණාමය!
ඔබතුමා මේ රටේ ඉන්න බල ලෝභීන්ට දුන්න ඉතාමත් වටිනා ආදර්ශයක් ඔබට ජේසු රැකවරණයි ❤️
ඔබ වහන්සේට දෙපා නමැද ආචාරය පුදමි.
අගරදගුරුතුමා නිවැරදියි. රටම අනාරක්ෂිත කරලා අප මරණ මන්චකයක තියලා අපේ ආරක්ෂාව අමතක කරලා, පාලකයෝ ඇමති ආරක්ෂකයෝ තියාගෙන වටේටම ආරක්ෂක රථ තියාගෙන රට වටේ සැරිසරනවා.මෙය වෙනස්විය යුතුයි !
මෙන්න නියම ආගමික නායකයෝ. මම බෞද්ධ ශ්‍රී ලාංකික කාන්තාවක ලෙස ආඩම්බර වෙනවා දේශපාලක පුජා වලට ගැති නොවුන ආගමික නායකයන් අදටත් ලංකාවේ සිටින බව ඔබතුමා පෙන්වා දීම ගැන.
මම කියන්නේ එක පුද්ගලයෙක් විතරයි. ජනතාවගේ සහ රටේ ආරක්ෂාව තමයි මෙතනදි මට වඩා වැදගත් වෙන්නේ. මෙතරම් ප්‍රශ්න මැද වුවත් ඔබතුමාගේ ඉවසීමේ ගුණය සහ මහජනතාව සමග සිට ඔවුන් සංසුන්කිරීමට තිබෙන හැකියාව ලොවටම පෙන්නුම් කරමින් වෙනත් ආගමික නායකයන් හට ඔබ ලබා දී තිබෙන ආදර්ශය ඉතාම වටිනේය. රටේ මිනිසුන් කුපිත කර මහපාරට ගෙන මහා විනාශයක් කිරීමේ හෝ මුස්ලිම් ජනතාව අපහසුත්වයට පත්කිරීමේ ක්‍රියාවක් සිදු නොවුනේ ඔබගේ ආදර්ශමත් ක්‍රියා පිළිවෙත බව කිව යුතුමය.
ඔබතුමා අනාගත පාප් වහන්සේ වෙන බවට බෞද්ධ අප ඉතා පැහැදුන සිතින් බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ නායකත්වයට සුදුසු පුද්ගලයන්ගේ විශාල හිඟයක් තියෙන බව මට මතක් උනා.
කාදිනල්තුමනි ඔබ වහන්සේ රටේ වැසියන්ට ආදර්ශයක්. ඒවගේම ඔබවහන්සේ අපව ආරක්ෂා කරනවට අප ණයගැතිවෙමු. ඔබ වහන්සේ නිර්භයව අපේ රට වෙනුවෙන් ගන්නාවූ ඕනෑම තීරණයකට අප ඔබ සමගින් එක්වන්නෙමු. මරනින්දේ ඉන්නා නායකයින් අවදිවව්.
පන්සලේ පියතුමා - මර්සලින් ජයකොඩි පියතුමා පල්ලියේ හාමුදුරුවෝ - මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය පුද කර සිටිමි
මෝඩ දේශපලුවන් තමන්ගේ වගකීමවත් දන්නේ නැත ......
යහ පාලනයේ අවසානය වැඩි ඇතක නොවේ. වෙඩි නොවදින රථයක් දී අති උතුම් කාදිනල්තුමා රවට්ටගන්න හැදුව. එතුමා හම්පඩ දේශපාලුවන්ට යස පාඩමක් කියාදී ඇත. ඔබ වහන්සේ වැනි ආගමික නායකයින් ලංකාවේ සිටීම අපේ වාසනාවකි.
අතිගරු මැල්කම් කාර්දිනල් රන්ජිත් කොළොඹ අගරදගුරුතුමානෙනි, ඔබතුමා මේ වියසන අවස්ථාවේදී ක්‍රියාකරන අන්දම ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම මහඟු ආදර්ශයකි. මහජනයා බෝම්බයෙන් මියයනවිට දේසපාලුවන් කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තරකර ගන්න එකයි. එවන් අවස්ථාවක ඔබ තුමාගේ ආරක්ෂාව පසෙක තබා මුළු මහත් ජනතවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම මොනතරම් අමරනීයද. ඔබතුමාට ජේසු පිහිට පතන මම සිංහල බෞද්ධයෙක්මි.
මට තේරෙන්නේ නැහැ මම කොහොම මේ ප්‍රවුර්තිය අදහන්නද කියලා. මගේ උතුම්ම ආචාරය ඔබ වහන්සේට. අවංක, නිර්දෝෂී පුද්ගලයින්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔබ වහන්සේ අදහන ධර්මය ඔබ වහන්සේව ආරක්ෂා කරනවා. ඒ වගේමයි මිලියන 20 වන සියලුම ශ්‍රී ලාංකිකයින් ආගම් බේද ඉවතලා ඔබ වහන්සේව රැකගනිවී. ජේසු පිහිටයි.
ඔබට ජේසු පිහිට තියෙනවා පියතුමනි. මේ පාලකයෝ ලකුණු දාගන්න හදනවා.
මුලු මහත් රටම ජාතික ව්‍යසනයකදී ආගමීක නායකයින්ගේ හැසිරීම, වගකීම හා ඊට මුහුණ දෙන ආකාරය ගැන සියලු ආගම් නායකයන්ට පූර්වාදර්ෂයක් අති උතුම් අගරදගුරුතුමනී.
ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය .
ක්‍රියාවෙන් බෞද්ධකම පෙන්වන මෙම බුද්ධ පුත්‍රයාට මම මෙසේ නමස්කාර කරමි.
අත්හැරීම ගැන කතාකරන අය ගොඩගහ ගනිද්දී, මෙතුමා කිසිවක් නොකිය එය ක්‍රියාවෙන් ඔප්පු කලා.
ජාති ආගම් බේද නොසලකා මෙවැනි උත්තම ජනතාව ගැන සිතන පුරුෂයෙක් අපේ රටේ නායකයා වශයෙන් පත් කර ගත යුතුයි. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි.
කාදිනල් තුමාට මම මගේ දන නමලා වදිනවා. මම බෞද්ධයෙක්. අපිට අප රටට ඕන ඔබ වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ, නායකයින් අපිට ඉන්නවද ඔබ වහන්සේ වගේ වෙනත් නායකයින් ??? වේලක් කන්න නැති මිනිස්සු ඉන්න රටක් මේක. සාමාන්‍ය මිනිස්සු බල්ලෝ වගේ මැරුණට ගානක් නැහැ තමන් සහ තමන්ගේ පිරිවර රැකිලා.. මිනිස්සු මැරිලා ගියත් කම් නැහැ ඔවූන් රැකිලා. ඔබ වහන්සේ මේ අන්ධ පාලකයන්ගේ ඇස් පාදන්න ගන්න උත්සහයට මුළු ජාතියම සදා ණය ගැතීයි..!!
මම බෞද්ධයෙක්. ඔබතුමා සැබෑ ආගමික නායකයෙක්. සියල්ලෝම ආදර්ශයට ගනිත්වා.
බුදුහිමියන් වහන්සේ ජීවමානව වැඩසිටියදී සුරාපරන්ත දේශයෙන් පැමින පැවිදි වූ පුණ්ණ හිමියන් තම රටට වඩින්න බුදුහිමියන් ගෙන් අවසර ඉල්ලූ විට ඒ රටේ මිනිස්සු ඉතා දරුණුයි. නොවඩින්න කිව්වා. බුදු හිමියන් ප්‍රශ්ණ කීපයක් ඇසූ අතර අවසානයේ ඒ මිනිසුන් ඔබ මැරුවොත් කියා ඇසුවා. එවිට පුණ්ණ හිමියන් එය ඔවුන්ගේ සතුට නම් මම එය කැමැත්තෙන් භාරගන්නවා කිව්වා. ඒ හිමියන්ට තම රටට වඩින්න අවසර ලැබුනා. අගරදගුරුතුමාත් පුණ්ණ හිමිගේ අදහසේ වගේ නේද සාදු සාදු
ඔබ වහන්සේ තුලින් මා බුදුන් දෙසු ධර්මය දුටු වෙමි
මමත් බෞද්ධයෙක්. ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ හඬ කිසිවෙකුටත් යටපත් කළ නොහැක.
විශිෂ්ටයි අතිගරු කාදිනල් තුමනී.
තවත් අගරදගුරුතුමාගෙන් ප්‍රාතිහාර්යක්.
කොතරම් ශ්‍රේෂ්ට සහ ගෞරවාන්විත පුද්ගලයෙක්ද. දෙවි පිහිටයි.
ඔබතුමා කරපු දේ ඉතා ආදර්ශවත් ක්‍රියාවක්ද ඒත් මේ වෙලාවෙ ඔබතුමාගේ ඉවසිලිමත් භාවය හා නායකත්වය වටා ලංකාවේ මිනිසුන් බැඳි ඇති නිසායි, මෙහෙම සාමකාමීව මිනිසුන් ඉන්නෙත්, මෙම මෙහෙයුම් සාර්ථක වීමට හේතු වී ඇත්තේත්. ඉතින් ලංකාව ගැන හිතා ඔබතුමා ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වීමෙන් ආරක්ෂා වීම ඔබතුමාගේත් වගකීමක්.
සාමකාමී ආගමක, වෙනත් අඩුපාඩු පෙන්වන්න ඕන නැ.
වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කලේ මීට පෙර ඇමතිවරයෙක් වශයෙන් හිටි සමයේ අනුර කුමාර දිසානායක පමණයි.. ඔහු එදා කෘෂිකර්ම ඇමති විදිහට වැඩ බාරගන්නකොට අමාත්‍යාංශයේ වාහන 12ක් තිබිලා හිටපු ඇමති SB පාවිච්චි කළ වෙඩි නොවදින රථයත් සමග වාහන 11ක් නැවත අර වෙඩි නොවඩින රථයත් සමගම බාරදීලා තිබුණා. ඊට පසු එහෙම පූර්වාදර්ශයක් රටට දීපු ඔබවහන්සේට මාගේ ප්‍රණාමය...!!! ඕක අපේ නායක හාමුදුරු කෙනෙකුට දුන්නා නම් එහෙම නොවන බව මට විශ්වාසයි. ඔබ වහන්සේ සිටලු ජනකොටස් අතර අද වනවිට මහත් ප්‍රසාදයක් ආදර්ශයක් පෙන්වා තිබෙනවා.
ඔබ වහන්සේ දසදහස් ගණනක් සිංහල බෞද්ධ සහ කිතුනු ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ දෙපා නැමද ගෞරවය දක්වනවා. ඔබ වහන්සේ නොසිටින්නට අද විශාල සිංහල බෞද්ධ කිතුනු ජීවිත ප්‍රමාණයක් රටට අහිමිවෙලා. මේ සොයා ගන්නා අවි ආයුධ වල හැටියට.... ඔබ වහන්සේ මුළු මහත් ලෝකයටම ආදර්ශයක්. මම බෞද්ධයෙක් හැටියට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට ජේසුස් වහන්සේගේ පිහිටයි.
එ්කට අපේ මහනායක හිමිවරු...
ඔබ වහන්සේ අති විශිෂ්ටයි.
මේ වෙලාවේදී අපේ මහනායක හිමි වරුන්ටත් එක ගානේ දෙන්න..
අපි බෞද්ධයන් වශයෙන් අපි ඔබවහන්සේට ආදරෙයි. ඒ ඔබවහන්සේගේ මානව හිතවාදී ගුණයටයි.
ඔබ වහන්සේ "නිවට දේශපාලකයන් 225ටම හතරගාතේ වැටෙන්නම " දී ඇත. මතු දවසක ඔබ වහන්සේ මේ ලොවට අති උත්තම පාප් වහන්සේ වෙනවාමයි... ඔබවහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂාවද, මා බෞද්ධයකු හැටියට ත්‍රිවිධ රත්නයේ පිහිට, ආරක්ෂාවද පතමි...
ඔබවහන්සේගේ නිර්භීතභාවය අගේ කරනවා, නමුත් ත්‍රස්තයන් ඔබවහන්සේට ප්‍රහාරයක් එල්ල කරොත්, අමාරුවේ වැටෙන්නේ අපේ මුළු රටම
ජේසුස් වහන්සේගේ අඩි පාරේ යන ඇති උතුම් පාප් වහන්සේගේ පිළිවෙත් අනුගමනය කරන සිරි ලකට බිහිවුණු උතුම් මිනිසෙක් .
බෞද්ධ භික්ෂුවක් හැටියට මට නම් මෙතුමා අපේ මහානායක හිමිවරුන්ට වඩා වටිනවා. මෙතුමාගෙන් ඉගෙනගත යුතු බොහෝ දේ තිබෙනවා. කතාව, හැසිරීම, ආකල්ප, දුරදිග බලා වචන හැසිරවීම, අනෙකාට ගරුකිරීම ආදි නොයෙක් අගනා ගුණාංග.
මොහුට නේද ඉස්සර බැන්නේ?
එකපාරට දැක්කේ ආපසුදීම ප්‍රතික්ෂේප කරති‘යි කියලා වගේ...
පුද පඬුරුවලට තමන්ගේ උතුම් පරමාර්ථ පවා නොදෙන උත්තමයෙක් බව ක්‍රියාවෙන්ම ඔප්පුකර තිබේ.
කරදරය තම දොරකඩට නොයෙන තාක් සියල්ලන්ම දාර්ශනිකයන්ය. ඒ අනතුර, කරදරය පෙන්වා දෙන්නෝ ඒ තාක් ජාතිවාදී ආගම්වාදීය. ලෙඩ වූ පසු බෙහෙත් දීමට වඩා ලෙඩ නොවී ඉන්න හැටි කියලා දීම ඉතා වැදගත්ය. බෝම්බවලින් මැරුණු පසු ඉවසන්න කීමට වඩා මෙම අනතුර දැක ඉස්ලාම් අන්තවාදයට එදා විරුද්ධ වුණා නම් අද මෙම ව්‍යවසනය නැත...
කොහොම හිටීද අපේ නායක හාමුදුරුවරුන්ට වෙඩි නොවදින වාහන දුන්නා නම්?
ඔබ වහන්සේ ඔය තීරණය ගන්නා බව මා කලින්ම සිතුවා. ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති ඒ තරමටම අව්‍යාජයි. මා බෞද්ධයෙක්.. ඔබවහන්සේගේ සුරත සිපගන්නට මට අවසර.. !
ආගමික නායකයෝ, ජනතා නායකයෝ ඉන්න ඕනේ ජනතාවත් සමග යන බව ඔබ වහන්සේ පසක් කළා...
රාජපක්ෂ දුන්නානම් ගනීවි.
මෙන්න නියම ශ්‍රේෂ්ඨ නායකයෙක්........
අනේ මන්ද. මට නම් හිතෙන්‌නෙ ඒක ප්‍රතික්ෂේප නොකර පාවිච්චි කලා නම් හොදයි කියල. වෙඩි නොවදින වාහන හදන්නෙ වැඩි ආරක්ෂාවටනෙ. මේ වගේ අවදානම් කාලෙක පුලු පුලුවන් අය හරි ඒවිදියට ආරක්ෂා වෙන එක හොදයි කියලයි මට නම් හිතෙන්නෙ. අනිත් එක මේ ගොඩක් අය කමෙන්ට් කරල තියෙනව වගේ ඒකෙන් දේශප‌්‍රේමී බව හරි ජනහිතකාමී බව හරි මනින්න පුලුවන් කියල මට නම් හිතෙන්නෙ නෑ. බැරි වෙලාවත් මේක අයින් කරල කරදරයක් උනොත් ඒකෙත් පාඩුව මිනිස්සුන්ට. වැරැද්ද රජයට.
මේ පාලකයින්ට නියම කනේ පාරක් ඔබතුමා දුන්නේ. අනික් අතට අපේ මහනායක හිමිවරුන්ටත් මේ පියතුමා ආදර්ශයක්.
ලංකාවේ සෑම කෙනෙකුටම ආදර්ශයක් දේශපාලකයන්ට පමණක් නෙවෙයි, ලොකු ලොකු තැන්වල වැජඹෙන සෑම අයෙකුටම...... ඒ එක්කම මෙය අපිට, ඒ කියන්නෙ දේශපාලකයෝ, පක්ෂ බදාගෙන මැරෙන්න හදන අපිට හරිම ආදර්ශයක් මෙතුමා දුන්නා ලෝකෙටම ප්‍රදර්ශනය කරමින් නියම ජාති ආලය ඇත්තෙක්, මහජනතාවට ආදරය ඇත්තෙක් කියන්නෙ කවුද කියලා......
අපේ මහනායක හාමුදුරැවන්ට හොඳ ආදර්ශයක්...
අනාගතයේ මෛත්‍රී බුදුන් වන තෙරේසා මව්තුමිය සොයා යන දිව්‍ය පුත්‍රයෙක්.
ශ්‍රේෂ්ඨයි !... " ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී " - බුදුන් වහන්සේ.
මං සිංහල බෞද්ධයෙක්...... ඔබ තුමා කරන මෙහෙවරට මම දන නමස්කාර කරමි.... 2020 ජනාධිපති වෙන්න ඕනේ ඔබතුමායි.... අපිට අනුකම්පා කරලා 2020 ජනාධිපතිවරණයට එන්න.... ඔබ තුමන් නිසැක වශයෙන්ම දිනනවා.... සිංහල ඡන්ද 90%ක් ඔබට තියෙනවා.......
උන්වහන්සේට කරන ගෞරවය උන්වහන්සේලා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම එහෙම නොකර දොලපිදේනි දීල ආගමික නායකයෝ නිහඩ කරන්න පුළුවන් කියල හිතන්න එපා......
ඔබතුමාට අපගේ ආචාරය දෙවින්වන්හන්සේ ඔබතුමාව රකිනවා....නිවැරදි තීරණ ගැනීම ගැන ඔබවහන්සේට ප්‍රණාමය ...... මුලු රට වෙනුවෙන් ඔබතුමාට ප්‍රණාමය.......බෞද්ධ සියලුදෙනාම ඔබතුමාට ගරු කරනවා ඇතැමුන්ට වැරදුන... හිතුවේ සිංහල බෞද්ධ උදවිය සිංහල කතෝලික යට උදව් නොකරාවි කියල ද?
මේ ලොව දෙවියන් ඔබම හැර වෙන කවුරුන්ද..?