
(අංජුල මහික වීරරත්න)
ලෝක සාම පාගමනයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවරදී අද(24)එක්වූවාය.
සාම පා ගමනේ තුන්වෙනි දිනය වූ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් පාගමන යළි ආරම්භ කෙරුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය ඊට සහභාගී වූවාය.
අග්‍රාමාත්‍යවරිය එහිදී පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සුහද කතාබහක නිරත විය.
පාගමන අද මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ලෝක සාම පා ගමන වෙන්න ඇත්තේ sls අක්කාට වෙන්න ඇති. මේක ලෝක සාමය සදහා ඇවිදින්න යන තේමාවට පටන් ගත්තු එකක්... අනේ මන්දා, ජෙප්පෝ ගෑවුණු තැනක්... ගොඩක් කරනවා...
මෙයා වැඳීමේ සහ ආචාර කිරීමේ වෙනස දන්නා කෙනෙක් නොවෙයි. අත් දෙක එකතු කරලා හිනාවෙවී මෙයා මේ කරන්නේ අපේ සාම්ප්රදායයට අනුව හාමුදුරුවන්ට ගෞරව කිරීමක් නොවෙයි, ගිහියකුට ආචාර සමාචාර කරන විදිහක් පේන්නේ...
අගමැතිතුමියත් සාම පා ගමන බලන්න් ඇවිත් වගේ...
වෙන රටවල තිබුණූ සරල චාම් බව මෙහෙ නැහැ... සාම පාගමන හරි ලස්සනට කළා... මෙහෙ ගාඩ් එකත් දාලානේ... ඒක ගැලපෙන්නේ නෑ...
ඒ ස්වාමීන් වහන්සේලාට නිදහසේ වඩින්නට ඉඩ දෙන්න.
ඒ සිල්වත් භික්ෂූන් වහන්සේලා ලෝක චාරිකාවේ යෙදෙමින් සියලු ලෝකයට සාමය උදාකරන්න වෙහෙසෙන වෙලාවේ... මග හසර බාධා නොකර කරන්නට ඉඩ දෙන්න.
පඥ්ඥාකර ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේලාට නිදුක් නිරෝගි සුවය ලැබේවා. අරමුණ සාක්ෂාත් වේවා...
ඔව් ඔව් මමත් දැක්කා ලෝකයේ අනිත් රටවල මිනිස්සු ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් නිදහසේ චාරිකාවේ වැඩිය හැටි... මීට වඩා හිතන්න ඕනෑ.