
(ඩයනා උදයංගනී)
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මහ මැතිවරණයෙන් පසු එම ධූරයට පත්වී වසරක් පිරීම නිමිත්තෙන් සහ ශ්රී ලාංකික ජනතාවගේ නීරෝගීභාවය සහ සුබසිද්ධිය ප්රාර්ථනා කරමින් ඉන්දියාවේ මහා බෝධි සංගමය සංවිධානය කළ විශේෂ ආශිර්වාද පූජාවක් සාරානාත් හි පූජනීය මූලගන්ධකුටි විහාරයේදී ඊයේ (9) පැවැත්විණි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද මෙම විශේෂ ආශීර්වාද පූජාව සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ශක්තිමත් අඛණ්ඩ සහයෝගීතාවයක් වෙනුවෙන් ද මෙහිදී ප්රාර්ථනා එක් කෙරිණ.
මහා බෝධි සංගමයට සම්බන්ධ ඉන්දියාවේ බුද්ධගයාව, ලුම්බිණි, කල්කටා සහ ලක්නව් වැනි විවිධ ස්ථානයන්හි විහාර සහ ආයතන ද අන්තර්ජාලය ඔස්සේ මෙම ආශිර්වාද පූජාවට එක් විය.
මීට අමතරව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ශ්රී ලාංකික ජනතාවට ආශීර්වාද පතා වෙන්කටේශ්වර දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් ද තිරුමාලා තිරුපති දේවස්ථානයේ දී එදින හිමිදිරි පාන්දර යෙදී තිබූ විශේෂ සුබ මොහොතින් පැවැත්විණ.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කෝවිලේ බැතිමතකු වන අතර ඉන්දීය සංචාර කිහිපයක දී මෙම කෝවිල වැඳ පුදා ගෙන ඇතැයි ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දියාවේ දෙවන කොවිඩ්-19 රැල්ල අතරතුර දී ශ්රී ලංකාවේ විවිධ ආගම්වලට අයත් ජනතාව තම ඉන්දීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජා සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් ආශිර්වාද ප්රාර්ථනා එක් කිරීමෙන් දෙරට ජනතාව අතර පවතින ගැඹුරු සබඳතා සහ ශිෂ්ටාචාරමය බැඳීම් පිළිඹිබු වන බව ද එම කාර්යාලය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි තිසරණය මතක්වෙලා තියෙන්නේ... ඉස්සර නම් ප්ලේන් එකක් ගත්තා ගියා තිරුපති.
ඉන්දියාවේ අය මෙයයි, පවුලේ කට්ටියයි කරන පිස්සු දන්නේ නැතුව ඇති ආශිර්වාද කරන්නේ...
මේ ගණින්නාන්සේලා තමයි මේ රට මේ විදිහට පත්කරන්න මූලික වුණේ.. මිනිස්සු මරණයෙන් වන්දි ගෙවනවා. ඒ මදිවට කඩේ යනවා යමපල්ලන්ට...
ජාතියේ ගැලවුම් කරුවාණෙනි, ඔබතුමාට චිරාත් කාලයක් මේ රට පාලනය කරන්න දීර්ඝායුෂ ලැබේවා..!!!
එහේටම ගිහිල්ලා කරගත්තා නම් ගුණේ වැඩියි...
හැඟුම් බර වෙච්චි මුහුණ දැක්කාම ඕනෙ කෙනෙකුට හිතාගන්න පුළුවන්.. ජීවිතයේ අවසාන කාලය ගැන තිබෙන අවිනිශ්චිත බව තේරුම් අරගෙන තිබෙන බව... ජීවිතයේ වසන්ත කාලය අහවරයි. ධාර්මිකව හෝ අධාර්මිකව හම්බ කරපුවා තියලා, කරපු පව් පිං විතරක් එදාට අරගෙන යාවි. ස්වභාව ධර්මයට අනුව අපිටත් ඒ දවස එනවාමයි මහත්තයෝ.
මේ වෙලාවේ අගමැතිට ආශීර්වාද කළ යුතුමයි...
අපිත් අද උදේ පොල් ගෙඩි 10ක් ගැහුවා.
ඒකත් හොඳ වැඩක්... ලංකාවේත් පන්සල් ටික ඇරලා ආශීර්වාද පූජා තියමු...
ධර්මපාලතුමා හිටියා නම් මොනවා කියයිද?
දැන් අශිර්වාදත් පිට රටින් ගේන්න වෙලා .හැමදේම රටින් ගේන එක වරදක් නෑ .ජයවේවා
රට පාලනයට අපෙන් ඡන්දය ඉල්ලලා, මෙතුමා දෙයියන්ට වැඳගෙන ඉන්නවා, මොනවා හරි කරන්න දෙයියනේ කියලා. මේ වගේ මැටි වැඩ ලොක්කා ඉඳගෙන කළාම ගෝලයින් දුවදුව කරයි ඉස්සරහට... දවසින් දවස රට පිරිහෙන එක නවත්වන්න බැරිවෙයි...
ඉන්දියාවෙවත් කොවිඩ් වසංගතය පාලනයකරගන්න බැරිව ඉන්නකොට අපේ අය ඉන්දියාවෙම සිද්ධස්ථානෙකට ගිහින් ආශීර්වාද ප්රාරථනා කරනවා. කොවිඩ් නැතිකරන්න ආශීර්වාද පූජාවලට ඔයතරම් බලයක් තියනවානම් ඔතන ඉන්දියානුවන්ගෙන් පිරී ඉතිරී යන්න එපායැ.