
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් බැහැදුටුවාය.
අගමැතිනිය එහි පැමිණීමට පෙර සිටම ආරක්ෂක අංශයේ යැයි කියාගන්නා පිරිසකගෙන් ස්වාධීන රුපවාහිනිය ඇතුළු විද්‍යුත් මාධවේදීන්ට කෙනෙහිලිකම් සිදු විය.
අගමැතිනිය මහ නා හිමියන්ට පිරිකර පූජා කරන අවස්ථාව ද රූගත කිරීම ද ආරක්ෂක අංශ විසින් වළක්වනු ලැබීය.
ඇතැම් විද්‍යුත් මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි .
විද්‍යුත් මාධ්‍යවේදීන් ඉතා අපහසුවෙන් එම අවස්ථාව පමණක් ආවරණය කර ගත් අතර අගමැතිනිය හා මහනාහිමියන් අතර සිදුවූ සාකච්ඡාවේ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා ගැනීමට නොහැකි විය.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැතිනියගේ ආරක්ෂකයන්ගෙන් මාධ්‍යයට බාධා
ලක්විදු Sunday, 03 November 2024 11:20 PM
මාධ්‍ය වූ පලියට හැම රෙද්දක් පල්ලේම රිංගන්නට අවශ්‍ය නැත...!
පොඩිඑකා Sunday, 03 November 2024 11:22 PM
මෙහෙම ගියොත් අන්තිමට මාධ්‍ය කාරයෝ අහන්න පටංගනියි වැසිකිළියට ගියෙ චූ කරන්නද, නැත්තං අනිත් එකටද කියලත්...!
Emad Monday, 04 November 2024 12:06 AM
දැන් ඔක්කොම වෙන්නේ ගුප්ත ක්‍රමයට. මතකද ඉස්සර දීපු ලොරි ටෝක්... ජනතාවට සියලු දේ දැනගැනීමට අයිතියක් තියෙනවා. අම්මපා. මතකද දන්නේ නෑ... මාලිමා අපුල්ලන්නන්ට... ජෙබයියෝ...
බමුණු Monday, 04 November 2024 01:09 AM
මොන මගුලකටද හලෝ ඕවා අපිට. ඔවුන්ට එක සැරයක් එපා නම් අපිට සිය සැරයක් එපා කියලා ඔවුන්ගේ ප්‍රවෘත්ති පල නොකර ඉන්න.
Wasantha Monday, 04 November 2024 02:27 AM
පුද්ගලිකයි, රහසිගතයි.. එන්න එපා කියලා අකුලාගෙන යන අය... අතරේ ඡන්දෙ දීපු ජෙබයියෝ කීයක් ඇතිද? පව්...!
Perera Monday, 04 November 2024 04:15 AM
මාධ්‍යත් ඕනේ එකයි එපා එකයි හැමදේම වාර්තා කරන්න දඟලනවා.අගමැතිතුමිය පන්සලකට ගියාම ප්‍රවෘති විදිහට කියන්න ඕනද ?
බකල ජයාMonday, 04 November 2024 12:59 PM
පුෂ්පකුමාර සහ ආර්යාව 80 ගණන්වල ඇති කරපු මාධ්‍ය පුරුදු රැකගෙන කටයුතු කරන මේ මාධ්‍යවේදී මහතුන්ට ජයෙන් ජය!
Lalla Monday, 04 November 2024 08:06 AM
බලය ක්‍රියාත්මක වීමේ අනුහස බලය ලැබුණට පසුව තේරුම්ගන්න තත්ත්වයක් කියල වටහාගත යුතුයි. මේ ආරම්භක පියවර පමණයි.....
රෙක්ස් Monday, 04 November 2024 09:15 AM
මටනම් පේන්නෙ මාධ්‍ය, අගමැතිනියට බාධා කරනවා වගේ. වැසිකිලියට ගියත් කැමරා උස්සගෙන යන තත්වෙටම ඇවිල්ලා.
ගුණරත්න Monday, 04 November 2024 01:51 PM
නෑ මහත්තයා, මේ අපේ රටේ අගමැති! එතුමිය ගියේ පුද්ගලික සංචාරයකට නෙවේ, පොදු ස්ථානයකට! ඒක ප්‍රවෘත්තිමය වටිනාකමක් තියන සිදුවීමක්, ඒක නිසා මාධ්‍යවේදීන්ට එම අවස්තාව ආවරණය කරන්න අයිතියක් තිබෙනවා. එහෙම නැතිව මේක පෞද්ගලික හමුවීමක් වගේ දෙයක් නම් අගමැතිතුමියගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්ට පුළුවන් මාධ්‍යවේදීන්ට ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරල අවස්තාව සංවිධානය කරන්න, ඒ මොකුත් වෙලා නැහැ කියල පෙනෙනවා.
Nimal Monday, 04 November 2024 09:27 AM
මේ මිනිස්සු කලින් අයට වඩා වෙනස් කියලා තේරුම් ගත යුතුයි
Asanga thiththagalla gamage Monday, 04 November 2024 10:01 AM
මෙයා දන් ඩයනා කුමරිටනේ ඒකයි.
Prabath Monday, 04 November 2024 11:51 AM
මේ අසංග, කුමාරියන්ට අපහාස කරන්න එපා... අහලකිවත් තියන්න පුළුවන්ද?