
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් බැහැදුටුවාය.
අගමැතිනිය එහි පැමිණීමට පෙර සිටම ආරක්ෂක අංශයේ යැයි කියාගන්නා පිරිසකගෙන් ස්වාධීන රුපවාහිනිය ඇතුළු විද්‍යුත් මාධවේදීන්ට කෙනෙහිලිකම් සිදු විය.
අගමැතිනිය මහ නා හිමියන්ට පිරිකර පූජා කරන අවස්ථාව ද රූගත කිරීම ද ආරක්ෂක අංශ විසින් වළක්වනු ලැබීය.
ඇතැම් විද්‍යුත් මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි .
විද්‍යුත් මාධ්‍යවේදීන් ඉතා අපහසුවෙන් එම අවස්ථාව පමණක් ආවරණය කර ගත් අතර අගමැතිනිය හා මහනාහිමියන් අතර සිදුවූ සාකච්ඡාවේ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය වූ පලියට හැම රෙද්දක් පල්ලේම රිංගන්නට අවශ්‍ය නැත...!
මෙහෙම ගියොත් අන්තිමට මාධ්‍ය කාරයෝ අහන්න පටංගනියි වැසිකිළියට ගියෙ චූ කරන්නද, නැත්තං අනිත් එකටද කියලත්...!
දැන් ඔක්කොම වෙන්නේ ගුප්ත ක්‍රමයට. මතකද ඉස්සර දීපු ලොරි ටෝක්... ජනතාවට සියලු දේ දැනගැනීමට අයිතියක් තියෙනවා. අම්මපා. මතකද දන්නේ නෑ... මාලිමා අපුල්ලන්නන්ට... ජෙබයියෝ...
මොන මගුලකටද හලෝ ඕවා අපිට. ඔවුන්ට එක සැරයක් එපා නම් අපිට සිය සැරයක් එපා කියලා ඔවුන්ගේ ප්‍රවෘත්ති පල නොකර ඉන්න.
පුද්ගලිකයි, රහසිගතයි.. එන්න එපා කියලා අකුලාගෙන යන අය... අතරේ ඡන්දෙ දීපු ජෙබයියෝ කීයක් ඇතිද? පව්...!
මාධ්‍යත් ඕනේ එකයි එපා එකයි හැමදේම වාර්තා කරන්න දඟලනවා.අගමැතිතුමිය පන්සලකට ගියාම ප්‍රවෘති විදිහට කියන්න ඕනද ?
බලය ක්‍රියාත්මක වීමේ අනුහස බලය ලැබුණට පසුව තේරුම්ගන්න තත්ත්වයක් කියල වටහාගත යුතුයි. මේ ආරම්භක පියවර පමණයි.....
මටනම් පේන්නෙ මාධ්‍ය, අගමැතිනියට බාධා කරනවා වගේ. වැසිකිලියට ගියත් කැමරා උස්සගෙන යන තත්වෙටම ඇවිල්ලා.
මේ මිනිස්සු කලින් අයට වඩා වෙනස් කියලා තේරුම් ගත යුතුයි
මෙයා දන් ඩයනා කුමරිටනේ ඒකයි.
මේ අසංග, කුමාරියන්ට අපහාස කරන්න එපා... අහලකිවත් තියන්න පුළුවන්ද?