
(අංජුල මහික වීරරත්න)
ආසියා සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට පිලිපීන සංචාරයකට ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීනයේ මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබීය.මෙම අවස්ථාවට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතාද සහභාගී විය.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මැනිලා හි ආසියා සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත ය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙම හමු වලදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd