
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දේශපාලන උපදේශන සඳහා අවස්ථා වැඩි කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරු ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඉතාලිය සමඟ පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් ජාත්‍යන්තර සංසද වලදී ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීම පිලිබඳවද අදහස් දැක්වීය.
ඉතාලි නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මෙහිදී කීවේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන වැඩපිලිවෙල සඳහා ඉතාලියේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovig ඇතුළු ඉතාලි රජය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැතිනි-ඉතාලි විදේශ නි.මහලේකම් හමුවක්