(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

යාපනයේ සංචාරයක නිරත වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධතා දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්  යාපනය මට්ටුවිල් ප්‍රදේශයේදී හරවා යැවීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබීය.

යාපනයේ මට්ටුවිල් හි ඉදිකළ නව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් මුලතිව් සහ වවුනියාවේ සිට බස්රථවලින් හා වෑන් රථවලින් පැමිණි අතර පොලිසිය විසින් ඔවුන්ට රථයෙන් බැසීමට හෝ ඉඩලබානොදී හරවා යැවීමට කටයුතු කළ බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පැවැසූහ.