( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.
ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසිනි.
මෙම පෙත්සම ඉකුත් දා විභාගයට ගත් අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කර නොමැති බැවින් එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධතාවක් මතු කර තිබුණි.
එබැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා එම මූලික විරෝධතාව තුළින් ඉල්ලා තිබුණි.
මෙම මූලික විරෝධතාව පිළිගන්නා බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
පෙත්සම්කාරිය කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොටස් හිමිකාරිත්වය දරන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාරවල නිරත වන අවස්ථාවක එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමි වන බවයි.
ඒ බව සඳහන් නඩු තීන්දු කීපයක්ම පසුගිය කාලයේ ප්‍රකාශයට පත්වී ඇති බව පෙත්සම්කාරිය පෙන්වා දුන්නාය.
ඒ බව එම සමාගම විසින් 2014 වසරේ සිට 2018 දක්වා කාල සීමාව සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාව මගින් තහවුරු කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමිවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වරදක් සිදුකර ඇති බව කියා සිටියාය.
එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ කෝවොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද ශර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ විකුම් ආබෲ, පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ.කනග ඊෂ්වරන්, නීතීඥ සුරේන් ප්‍රනාන්දු , නීතීඥ රසික දිසානායක යන මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් නීතිය ගැන තියෙන විශ්වාසයත් බිදෙමින් පවතිනවා.. සාමාන්‍ය පුරවැසියකුට අදාල නඩුවකදී බරපතල මුද්‍රණ දෝෂ තිබුණත් ඒවා නොසලකා හරිනවා..... මේ කියන විදිහට නඩු දාන්න නම් ලිපි ලේඛන වල මුල් පිටපතම තිබිය යුතුය... අඩුම තරමේ ඉදිරිපත් කරලා තියෙන පිටපත් සත්‍ය ඒවගේ පිටපත්මද කියලවත් හොයන්න නියෝගයක් දෙන්න බැරිද ?
කොහොමත් ඉතින් විසිවෙනවනේ.
මුළු රටම විහිළු සපයන තැනක් බවට පත්වී හමාරයි. රජයේ කිසිදු අංශයක් ගැන ජනතාවට කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.
අපිත් මේ රට නීති කරන ආයතන සමග වැඩකරන නිසා කියනේ සමහර ආයතනවල මුල්පිටපත් තියෙන්නේ පොත්වල තවත් සමහර ආයතන මුල්පිටපත් ලබාගන්න බැහැ. ඒවිට එම ආයතනයට නියෝග දෙනවා මුල්පිටපත් එදිරිපත් කරන්න සහ පිටපත් සහතික කරන්න. ජනතාව තේරුම් ගන්න ඕනේ රටට නායකයන්ට ඡන්දය දීල පත්නොකරන්න.
සහතික කළ මුල් පිටපත් ඉල්ලන්න තිබුණා නේද? මේ වගේ අය ගෙදර යවන්න දෙන අවස්ථාවන්වල උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෑ. 1994 සිට නායක පට්ටමේ එල්ලිලා ඉන්න කෙනානේ..
රටේ නීතිය කෙනෙකුගේ තරාතිරම මත තීරණය වන බවට හොඳ සාක්ෂියක්...
මුල් පිටපත කිව්වම මෙයට අදාල නැතත් අහන්න සිතුනේ මෑතකදී සිදුවුණු සිදුවීමක් නිසාමම දන්නා විශ්‍රාමික මහතෙක් පසුගිය දිනක මියගියා. ඒ නිසා ඔහු වෙනුවෙන් බිරිඳට හිමි වැන්ඳඹු විශ්‍රාම වැටුප් ලබාගැනීමට රෝහලේ උප්පැන්න හා මරණ ලියාපදිංචි කරන ලේකම් සහතික කළ මරණ සහතිකයක් සමග ඉල්ලීම ඉදිරිපත් කළා.. එය බාරගත් නිලධාරීන් එය සති දෙකක් පමණ තබාගෙන සිට නැවත විමසූ අවස්ථාවේ මරණ සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ම ලබාගෙන ඉදිරිපත් කිරීමට කිව්වා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එය ලැබුනේ නැතිබව කිව්වා. මරණය සිදුවී මාස දෙකක් ගතව ඇතත් වැන්දඹුවට වැටුප ගන්න ක්‍රමයක් නැතුවා කියා එම කාන්තාව අඬනවා මුල් පිටපත කියන්නේ කුමක්ද කියන්න...