IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අගමැතිගේ ගෙට ගිනි තැබුවැයි කියන තරුණයෝ 20 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ) 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු  හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  10 නියෝග කළේය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල, ගාල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 ත් 19 අතර වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.

මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව සීසීටීවී දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් ගේ ප්‍රකාශ  මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය බැවින් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම  සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට ලෙස කොල්ලූපිටිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදායකයින් තිදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිකරුවන් බව ය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 20 වැනිදා හඳුනාගැනීමේ දොරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කරමින් එදින තෙක් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළේය .



අදහස් (2)

අගමැතිගේ ගෙට ගිනි තැබුවැයි කියන තරුණයෝ 20 තෙක් රිමාන්ඩ්

Rasika Sunday, 10 July 2022 08:57 PM

දැන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ අයට නීති සහාය නැහැ කිව්වා නේද?

:       0       0

Bamunuarachchi Monday, 11 July 2022 10:17 AM

දැන් ඉදිරිපත් වෙන්නේ ජේවීපී සිවුරු හැමදාව ගොවි හමුදාව නොවෙයි නීතිඥ හමුදාව. පස්සේ නීතිඥ කියයි වැරැද්ද පිළිඅරගෙන දඬුවම් ලිහිල් කර ගන්න කියලා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site