
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනී යැන්ග් ඩොන්මෙයි මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත්, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිලිබදව අවධානය යොමු වූ අතර කාන්තා සංවර්ධනය පිලිබඳ චීනයේ ප්‍රගතියද සමස්ත චීන කාන්තා සම්මෙිලනයේ උප සභාපතිනිය මෙහිදී ඉස්මතු කළාය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මින්, තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති හරිනි චීන කාන්තා සම්මේලන සභාපතිනී හමුවෙයි