(නිමල කොඩිතුවක්කු)
රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරවීම් සහ රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් රටවල් 46 කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයින් සමඟ පුරා පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වූහ.
බෝම්බ පිපිරවීමේ සිද්ධියත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ අවදානමක් උද්ගත විය හැකි බැවින් එය යථා තත්ත්වයට පත් කර රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24 කට වැඩි කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය.
ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් මූලික කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තිබේ නම් එය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා සිටින විදේශිකයන් පිළිබඳ තොරතුරු තානාපතිවරුන් වෙත ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඔවුන් වෙත ලබාදෙනු ඇති බව ද අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24 කට වැඩි කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය." මෙහි අර්ථය කුමක්ද? තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න කොහෙවත් යන තානපතිලගෙන් අවසර ගන්න ඕනෙද? ඒ ගොල්ලන්ගෙන් අහන්න ඕනෙද අපේ ආරක්ෂාවට ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව... ඒ ඒ රටවල මෙවන් ගැටලුවකදී අපේ තානාපතිට කතා කරලා කිව්වද ඒ ගොල්ලෝ ගන්න යන තීරණ ගැන...
තමන්ගේ රටේ ආරක්ෂාව සම්බන්ද ප්‍රශ්නයකදී පිටරට තානාපතිලාගෙන් අවසර ගන්න ඕනෙද? ඒ අය තමයි රටේ ආරක්ෂාව දිය කරලා වෙන කිසිම රටක නැති නීති හදුන්වලා මේ රට පහසු ඉලක්කයක් කලේ.
ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ ලෝකයේ ප්‍රබල ජනමාධ්‍යය විසින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් තිබෙන නිසා ලංකාවේ සිදුවීම පිලිබදව මුළු ලෝකයාගේ අවදානය මේ වන විට යොමුව තිබේ. අගමැතිවරයාගේ විදේශ මාධ්‍ය හමුවේදී ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබද ප්‍රකාශය කිහිපවරක් ප්‍රවුර්ති හරහා විකාශනය කරන ලදී. බෝහෝ රටවල් ලංකා රජය ඉල්ලීම් කරන්නේනම් සහයෝගය පවා බලපොරෝතු වන බව එම බලධාරීන් ප්‍රකාශ කළේය. මේ ගැන අවධානය යොමුකොට තාක්ෂණික සහ බුද්ධි අංශ ශක්තිමත් රටවල් වල සහයෝගය ලබගෙන් එම රටවලට ලංකාවේ ආරක්ෂාව පිලිබදව විශ්වාසයක් ඇති කර ගැනීමට ඉක්මනින් කටයුතු කලයුතුය. මේ සිදුවීම පිලිබදව මාධ්‍ය අදහස් වීමට ඇමැතිවරුනට වඩා දක්ෂ මාධ්‍යය ප්‍රකාශකයකු පත් කිරීමේ විදෙස් මාධ්‍ය වලට සහයෝගයක් වනු ඇත.
මේවා තමා කරන්නේ.. රනිල් බේරා ගත්තේ බටහිර කොටි හිතවතුන්.. වහාම මොහු ඉල්ලා අස්විය යුතුය. රට පාවලා දෙන්නන් අඳුනාගන්න බැරි අය ඉන්න රටක්..
ඇමෙරිකානු තානාපතිනිගෙන් අහන්නේ නැද්ද? කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා..? අැයි දැන් එයාලනේ හමුදාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේට පැමිණිලි කරලා බුද්ධි අංශ හිරේ දාලා.. ලොකුවට උපදෙස් දුන්නේ.. අවුරුදු 30ක යුද්දේ ඉවර කළ, ලෝකයේ තිබුණු විශාලම ත්‍රස්ත සංවිධානයට එරෙහිව.. එ්ක කලේ හමුදාව විතරක් නෙමේ. එ්කට හරියන දේශපාලන යාන්ත්‍රණයකුත්.. එතකොට අපිට තිබුණා.. අපි උපදෙස් ගන්න ඕනේ ඔවුන්ගෙන්.. අපි නැවත 2009 එපිට තිබුණු දේශපාලන යාන්ත්රණයට යන්න ඕනේ මේක නවත්වන්න. කරන්න ඕනෑ දේ ඉක්මණින් කරන්න ඕනේ.. ඇඳිරිනීතිය ඒ මොහොතේම දාන්න තිබුණා, හදිසි නීතියත් ඒ මොහොතේම දන්නා තිබුණා.. දැන් ප්‍රහාරකයන්ට වෙනත් තැන්වලට ස්ථානගත වෙන්න කාලය ලැබිලා..
ඔව්..ඔව් කතාකරලා තව හමුදාව ඉවත් කරගෙන තවත් රට අනාරක්ෂිත කරන්න.
ඒ රටවලටත් මුස්ලිම් ත්‍රස්තවාදය තිබෙනවා. එ්ක තේරුම් ගත්ත මිනිසුන් තමයි නවසීලන්තයේ වගේ ක්‍රීයාකාරී උනේ. අපේ රටේ මුස්ලිම් ත්‍රස්තවාදය නැතිකරන්න විදේශිකයින් සහයෝගය දෙන්නේ කොහොමද කියා තේරුම් ගන්නට බැරිය. පළමුව ලැබිය යුත්තේ සිංහල බෞද්ධයාගේ සහයෝගයයි. 20% ක මුළු මුස්ලිම් ජනතාව දිනක සිංහලයාට විරුද්ධව නැගී සිටිනබව තේරුම් ගන්න.
සිංහලයින් නිවටයින් කරන්න එපා.
ඇමරිකාවේ මෑන්හැට්ටන් ට්වින්ටර්වර්ස් වලට ගහපු වෙලාවේ මීට වඩා ලොකු ප්‍රචාරයක් දුන්නා. ලෝකයා මීට වඩා අවධානයක් යොමු කළා. නමුත් වෙනසක් සිදු උනාද? නවසීලන්තයේ වීර ක්‍රියාවක් කළ ඒ මිනිසාට බනින එකයි ලංකාවේ මිනිසුන් කළේ. දැන් ඒ අයගේ නමක්වත් මෙතන දකින්නට නැත.
මම දැනගත්ත පහුගිය දවස්වල ඇමෙරිකන් යුද්ධ නාවික යාත්‍රා ලංකා වරායට එනකොට ගේමකට තමා කියලා. හොරකම් කරපු සල්ලි මෙයාලගේ රටවල හංගල මෙයාලා කියන හැම දෙයක්ම අපේ දේශපාලකයෝ කරනවා. මෙයාලගේ අරමුණ වහල්ලු අපේ රටෙන් අරගෙන යන එක .ඕකම තමා 83 කළු ජූලියෙදි එවකට පාලකයොත් එක්ක එකතුවෙලා කරේ.
ලංකාවේ ආරක්ෂක ලේකම් තනතුරේ ඉන්න හේමසිරි කරන රාජකාරිය හා වග වීම කුමක්ද ?එවැනි පුද්ගලයන් වගකීම පැහැර හැරියොත් නීතියෙන් දිය හැකි දඩුවම කුමක්ද ?
අපේ රටේ 2015 ට කලින් තිබිච්ච ආරක්ෂක ක්‍රමවේද ඔය රටවල් වලට දෙවෙනි වුනේ නැහැ. මේ සුද්දන්ටත් ආරක්ෂාව ගැන උගන්නන්න පුළුවන් තත්වෙක අපේ රට තිබුනේ. මේ මිනිස්සු මතුපිටින් හොඳ මුහුණ පෙන්නුවට අන්තිමට ලණු කවල අපිව දැක්කන්නේ අර යුද්ද කාලේදී වගේ මෝඩයට අන්දන එකයි. මේ ගොල්ලෝ ඇවිත් මානව හිමිකම් මුවාවෙන් බුද්ධි අංශ නිලධාරීන්ට හිරිහැර කිරීමේ විපාක තමයි තිබිච්ච නැති ප්‍රශ්නයක් උදාවෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේවත් අපේ රටේ ආරක්ෂක වැඩ අපිට ඕනි විදියට කර ගන්න ඉඩ දෙන්න කියල ඉල්ලුවනම් තමයි හරි වෙන්නේ.
විදේශයට රට පාවල දීපු එක ඇරෙන්න වෙන මොකද්ද ලංකාවට කරපු සේවය...... රටේ සුළු ජාතීන්ට ඕන විදිහට නටල රටේ මහා ජනතාව නැති කරන පිරිසක්